• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යන එන ගමන් ගැන බලන්න ’’යං ලංකා ඇප් එකක් ’’

6 December 2024
in දේශීය
යන එන ගමන් ගැන බලන්න ’’යං ලංකා ඇප් එකක් ’’
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ජංගම දුරකථනය ඔස්සේ බස් රථයක ආරම්භයේ සිට අවසානය දක්වා සජීවීව සොයා බැලීමට හැකි මෘදුකාංගයක් නිපදවීමට මාතර පදිංචි නිර්මාණකරුවෝ තිදෙනෙක් සමත් වී සිටිති .

එම මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ ‘යං ලංකා‘ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන  මාතර වැල්ලෙතොට පදිංචි ගිතාජ් කැලුම් රාමවික්‍රම,නායිම්බල පදිංචි ලක්මාල් සංජීව ජයවික්‍රම සහ උඩවලව පදිංචි සමීර  තරංග ප්‍රේමනන්ද යන මිතුරන් තිදෙනාය. ඔවුහු දැනට  තාක්ෂණික ක්ෂේත්‍රයේ සිය වෘත්තිමය කටයුතුවල නියැලෙති.

පසුගිය 03 වැනිදා මාතර ,නූපේ පිහිටි සණස උත්සවශාලාවේදී මෙම මෘදුකාංගය හඳුන්වාදීම නිල වශයෙන් සිදු කෙරුණ අතර ඊට සමගාමීව ‘යං ‘ලංකා අයතනය  හඳුන්වා දීම සහ එහි කටයුතුද ඇරඹිණි.

‘යං‘ ලංකා ආයතනයෙන්  ශ්‍රී ලංකාවේ පළමු වරට ‘ ස්මාට් බස්‘ රථ සේවාවක් වෙනුවෙන් දොරගුළු විවර කර ඇති අතර මේ වනවිට දකුණු පළාත  කෙන්ද්‍රකරගනිමින් මෙම බස් සේවාව අරඹා ඇත.

මෙහි  මූලික අදියර ලෙස පෞද්ගලික බස් රථ 8ක් සඳහා මෙම ජංගම දුරකථන මෘදුකාංගය හඳුන්වා දුනි. එමෙන්ම ස්මාර්ට් බස් රථ 8 අතුරින් පළමු ස්මාට් බසය ලෙස වැල්ලෙතොට -මාතර  පෞද්ගලික බසය  හඳුන්වාදුනි.

ගමනාන්නතයට ළඟාවීම සඳහා අවශ්‍ය බස් රිය සජීවීව දුරකතනය හරහා සොයාගැනීමට,බසය පැමිණෙන වෙලාව ගමනාන්තය නිසි අයුරින් දැන ගැනීම , දෘෂ්‍යාබාධිත පිරිස් වෙනුවෙන්ද මේ මෘදුකාංගය හරහා සිය කටයුතු නිසි පරිදි සිදු කර ගැනීම  මෙන්ම  පාසල් දරුවන් ගමන් ගන්නා බසය පිළිබඳව මව්පියන්ට නිවැරදි තොරතුරු දැනගැනීම ඇතුළු තවත් පහසුකම් රැසක් මෙම මෘදුකාංගයෙන් අත්විදීමට මගියාට අවස්ථාව සලසා දී තිබේ.

එමෙන්ම ඉදිරියේදී මෙම මෘදුකාංගය හරහා ජංගම දුරකතනයෙන් ආසන වෙන් කිරීම, දැනට පෞද්ගලික බස්රථවල පමණක් ක්‍රියාත්මක මෙම මෘදුකාංගය ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා ද හඳුන්වාදීම, මෙන්ම ලංකාව පුරා මෙය හඳුන්වාදීමට කටයුතු සැලසුම් කරන බවද මෘදුකාංගයේ නිර්මාතෘවරු සඳහන් කළහ.

මේ වන විට මාතරින් ගමන් ඇරැඹෙන වැල්ලෙතොට,ඌරුබොක්ක,පස්ගොඩ,පිටබැද්දර,අකුරැස්ස,වැලිගම ,දික්වැල්ල,කැකනදුර ,රන්න ,අඟුණකොළපැළැස්ස,මාකඳුර යන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ 8ක් සඳහා මෙම පහසුකම හඳුන්වා දී ඇත.

https://www.yanlanka.com/ ගූගල් සබැඳිය හරහා ජංගම දුරකතනයෙන්  මෙම මෘදුකාංගයට පිවිස  එම පහසුකම ලබාගැනීමේ අවකාශය මේ වන විට මගීන්ට සලසා දී තිබේ.

එමෙන්ම මෙම බස්  රථ 8 අතර  ධාවනය කෙරෙන  රන්න,අඟුණකොළපැළැස්ස හරහා මාතර දිවෙන පෞද්ගලික පාසල් බසයකටද මෙම මෘදුකාංගය හදුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ පළමු වරට පාසල්  සිසුන් ගමන් ගන්නා බසයක් ‘ස්මාර්ට් බසයක්‘ ලෙස හඳුන්වා දීම තුල ඉතා සුවිශේෂි කාර්යක් ඉටුකිරීමට හැකියාව ලැබිණි යැයි ‘යං‘ ලංකා අයතනය පවසයි.

මෙම මෘදුකාංගය ජනගත කිරිමේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් සහකාර ප්‍රාදේශිය ලේකම් අනුර විජේසේකර , මාතර දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ සේවා සංගමයේ  සභාපති ජානක විමසේකර ,ලේකම් ආරියපාල රණවක,සමස්ථලංකා පාසල්  ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී  ද සිල්වා ,බෙලිඅත්ත කාර්මික විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පතිනි දීප්තී දමයන්ති ,යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක්  එක්ව සිටියහ.

Post Views: 22
Previous Post

සිරියා කැරැලිකරුවෝ හාමා නගරය අල්ලති

Next Post

‘වට්ඇප්‘ මගින් මත්ද්‍රව්‍ය විකුණලා

Editor TTV News

Editor TTV News

Next Post
‘වට්ඇප්‘ මගින් මත්ද්‍රව්‍ය විකුණලා

‘වට්ඇප්‘ මගින් මත්ද්‍රව්‍ය විකුණලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved