නව කොවිඩ් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලුම අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු අවධාරණය කළේ, වත්මන් තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ නිරන්තරව සාකච්ඡා පවත්වන බවයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රට තුළ මේ වන විට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ තත්ත්වය සහ ඒ පිළිබඳ නවතම තොරතුරු අද (04) ජනතාව හමුවේ හෙළි කරන බවයි.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පැවසුවේ, රෝගය හේතුවෙන් සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.
- gangana