කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ දී අද (21) දින පස්වරුවේ යලිත් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
මෙම වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.
ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක් වන අතර තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ ද ඉන්පසු ඔහු මිය ගිය බව පොලිසිය විසින් පවසා සිටියි.
වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අද දවස තෙවන වරට ඇති වූ වෙඩි තැබීමේ සිද්ධිය මෙය වේ.