අධික වර්ෂාව නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබුණු මාර්ග 159ක් යළි විවෘත කර තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.
A-004 – කොළඹ – රත්නපුර – වැල්ලවාය – මඩකලපුව මාර්ගය
A-026 – මහනුවර – මහියංගනය – පදියතලාව මාර්ගය
AA-006 – අබේපුස්ස – කුරුණෑගල – ත්‍රිකුණාමලය මාර්ගය
AA-010 – කටුගස්තොට – කුරුණෑගල – පුත්තලම මාර්ගය
AA- 003 පෑලියගොඩ – පුත්තලම මාර්ගය ඇතුළු
බාධා ඇතිවූ ප්‍රධාන මාර්ග 05ද ඒ අතර වනවා.
ගංවතුර හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ ඇතුළුවීමේ හා පිටවීමේ දොරටුව අතුරුගිරිය අනුපාලක ස්ථානයේ ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු ද මේ වන විට විවෘත්ත කර තිබෙනවා.
නඩත්තු හා අලුත්වැඩියා කටයුතු වේගවත් ව තිදුවෙමින් පවතින බවද මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
මාර්ග ආරක්ෂාව සහ ජනතාවගේ දෛනික කටයුතු පහසු කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු කණ්ඩායම් හා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය ක්‍රියා කරනවා.
ආපදා හේතුවෙන් දැනට වසා දමා ඇති මාර්ග කඩිනමින් විවෘත කරන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.













