යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමට රජය සූදානම් වන බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා සඳහන් කළේ එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, දේශපාලන පරමාර්ථ මත මෙවැනි සංවේදී සහ අසත්‍ය කරුණු සමාජගත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය. මෙවැනි ප්‍රචාර මගින් සමාජය තුළ අනවශ්‍ය බියක් සහ නොසන්සුන්තාවයක් ඇති කිරීමට දරන උත්සාහය තමන් දැඩි ලෙස හෙළා දකින බව ද ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.














