ඊශ්‍රායලයේ යාෆා (Yaffa) ප්‍රදේශයේ සංවේදී ඉලක්ක වෙත එල්ල වූ ප්‍රබල බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක වගකීම යේමනයේ හවුති සන්නද්ධ බලකාය (Yemeni Armed Forces) විසින් අද (අප්‍රේල් 03) නිල වශයෙන් භාරගෙන තිබේ. මෙම ප්‍රහාරය හුදෙකලා මෙහෙයුමක් නොවන බවත්, එය ඉරානය සහ ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානය සමඟ එක්ව දියත් කරන ලද “ඒකාබද්ධ මෙහෙයුමක්” (Joint Operation) බවත් හවුති ප්‍රකාශක යහියා සාරි (Yahya Saree) අවධාරණය කළේය.
“අපේ සහෝදර ඉරාන සහ හෙස්බොල්ලා සටන්කාමීන් සමඟ එක්ව සිදුකළ මෙම තුන්වන ඒකාබද්ධ මෙහෙයුම සාර්ථකව ඉලක්ක සපුරා ගත්තා,” යැයි පවසන හවුතිවරු, මින් ඉදිරියට එල්ල වන ඕනෑම අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකට සමාන මට්ටමේ ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ද තර්ජනය කරති. මෙය මින් පෙර පැවති “ප්‍රොක්සි යුද්ධයකින්” (Proxy War) ඔබ්බට ගොස්, ඉරානය, යේමනය සහ හෙස්බොල්ලා සංවිධානය සෘජුවම එකම යුද පෙරමුණක සිට ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර දියත් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පළමු අවස්ථාව ලෙස සැලකේ. මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය යුද්ධය නව සහ දරුණුතම මානයකට අවතීර්ණ වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්
















