අසාමාන්‍ය ලෙස විපතට පත් ජනතාව සොයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භටයන් විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ ගලවා ගැනීම් සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් මේ වනවිට නිමාවට පත්ව තිබෙනවා.
ඒ අනුව එම මෙහෙයුම් සඳහා සහභාගී වූ භටයන්ගෙන් කොටසක්, ඒ සඳහා යොදාගත් වාහන සහ උපකරණ කිහිපයක් සමඟ ඊයේ (14) දින පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟින් අබුඩාබි නුවර වෙත ආපසු රැගෙන ගොස් තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ගුවන් හමුදාවට අයත් සී–17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන අතර, එම ගුවන් යානයට විශාල ට්‍රක් රථ 04ක්, විදුලි ජනක යන්ත්‍ර ඇතුළු වෙනත් උපකරණ කිහිපයක් මෙන්ම මෙම මෙහෙයුම් සඳහා දායක වූ ක්‍රියාකරුවන් 16 දෙනෙකු ද එක්වී සිටියා.
ඒවා රැගෙන ඊයේ (14) දින පස්වරු 3.45ට පමණ එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.














