• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
in දේශීය, පුවත්
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර (18) වනදාට වසර 16ක් සපිරෙනවා.

මෙම කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීම සම්බන්ධව එවකට හිටපු ජනාධිපති සහ යුද්ධය නිමා කිරීමට සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ තමා ජීවත්ව නොසිටින දිනකදි වුවද සියලු ශ්‍රී ලාංකිකයින්ගේ මාතෘ භූමිය ස්වෛරී රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජය සෙවනේ පවතීවා යන්න තමාගේ එකම ප්‍රාර්ථනය යන බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින්,

“ඔබ දැනටමත් දන්නා පරිදි, අපේ මාතෘ භූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන අවසානයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක් තුළම මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත‌ කෙරෙන නීති පමණි….”

සිංහ ධජය යටතේ එක්සේසත් කළ අභිමානවත් ඒකීය රටක, 2009 මැයි 19 වන දින ජනතා නියෝජනයේ සංඛේතය වූ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට පාර්ලිමේන්තු සිව්වන සැසියේ ආරම්භක දේශනය පවත්වමින් විජයග්‍රාහී දේශයක ඔබේ ජනාධිපතිවරයා සහ සේනාධි නායකයා වශයෙන් සිදු කරන ලද ඉහත ප්‍රකාශය මා හට කිසිදා අමතක නොවේ.

ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින්, මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව, ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා අප සැම රටක් ලෙසින් සාමූහිකව දුටු සිහිනයකි. ජනතා නායකයෙකු ලෙස පෞද්ගලිකව මා ද දුටු සිහිනයකි.

2005 වර්ෂයේදී මා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විට ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර පළාත්වල නව රාජ්‍යකට අවශ්‍ය එල්.ටී.ටී.ඊ. පරිපාලන මධ්‍යස්ථාන ගොඩනගා තිබුණි.

ත්‍රස්තවාදීන් යුධ, නාවික, ගුවන් බලයෙන් සන්නද්ධව අපේ මාතෘ භූමියෙන් තුනෙන් එකක් සහ එහි වෙරළ තීරයෙන් කොටසක් තම පාලනයට නතු කරගෙන සිටියහ.

උතුරේ දෙමළ භාෂාව කතා කරන අපේම ජනතාව බිය ගන්වා ප්‍රාණ ඇපයට තබා ගනිමින් කප්පම් ද, අසාධාරණ ලෙස බදු ද උපයමින් තිබිණි. තරුණ තරුණයින් ද, පාසල් වයසේ කුඩා දරුවන් ද බලහත්කාරයෙන් තම හමුදා වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටි ත්‍රස්තවාදීන් ආර්ථික මර්මස්ථාන, ආගමික ස්ථාන හා දේශපාලන නායකයන් ඇතුළු සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් රට පුරා ප්‍රහාර දියත් කර තිබුණි.

අවසානයේ ජනතාවගේ පිපාසය සන්සිඳවූ, කුඹූරු අක්කර දහස් ගණනක් අස්වැද්දූ ජල පහර පවා වසා දමමින් තම අන්තවාදී ත්‍රස්තවාදයේ කුරිරුබව ලොවටම පෙන්වා දෙන්නට තරම් ප්‍රාථමික විය. උපන් බිමත්, එහි උපන් මගේ ජනතාවගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු දහස් ගණනක් මතින් ලේ පැහැයෙන් නව සිතියමක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නිර්මාණය කර තිබුණි.

ලෝකයේ බලවත්ම රාජ්‍යන් පවා ත්‍රස්තවාදයට බියවද්දී , එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවදයට එරෙහිව ප්‍රතිවාර දැක්වීමට මම තීරණය කළෙමි. ඒ මානුෂීය මෙහෙයුමකිනි. එල්.ටී.ටී.ඊ්. ත්‍රස්තවාදීන් 1975 දී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය කිරීමට භාවිත කළ තුවක්තුවේ සිට පුදුමාතලන් ප්‍රදේශයෙන් බේරී පලා යෑමට තැත් කළ සියලුම අහිංසක ශ්‍රී ලාංකික ජනතාව දක්වාම එල්ල කළේ අවි ආයුධ පමණි.

අපි ඔවුන් බේරා ගත්තෙමු. ඔවුන්ට නිදහස් රටක් ලබා දුන්නෙමු. අප කළේ දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොවේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රටේ සියලුම ජනතාව අපේ ජනතාවයි. මගේ ජනතාවයි. අපගේ අරමුණ වූයේ මේ රටේ සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීමයි.

වීරෝදාර යුධ සෙබළුන් යුද්ධ කළේ තුවක්කු බර දෑතින් දරාගෙන, මානව අයිතීන් රැකීමේ බර හිසින් දරාගෙන සහ මනුෂ්‍යත්වයේ බර හිතින් දරාගෙනය. ලොව සිටින අංක එකේ මානුෂීය හමුදාවේ සේනාධි නායකයා වූ මා යුද්ධය අවසන් වී වසර 16ක් ගෙවීයන අද දිනයේදී ද ඔවුන් වෙනුවෙන් ලෝකය සමඟ දේශපාලනිකව යුද වදිමි.

පසුගිය දිනක කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ ඊලාම් සිතියම නිරූපිත දෙමළ ජන සංහාර ස්මාරකය විවෘත කිරීම, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් වී දීර්ඝ කාලයක් ගත වී ඇති මෙවැනි කාල වකවානුවක පවා ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි තව දුරටත් ක්‍රියාත්මක බව පෙන්වන අවාසනාවන්ත සිදු වීමකි.

එම අවස්ථාවේදී බ්‍රැම්ප්ටන් නුවර නගරාධිපති විසින් දෙමළ මිනිසුන් දහස් ගණනක් ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය කළ බවට දරුණු චෝදනාවක් අප රටට එල්ල කළේය. එවකට සිටි රාජ්‍ය නායකයා වශයෙනුත්, සේනාධි නායකයා වශයෙනුත් පදනම් විරහිත එම චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි.

දෙමළ සිවිල් වැසියන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි අවස්ථාවක, දෙමළ සිවිල් වැසියන් මිනිස් බෝම්බ බවට පත් කර තිබූ අවස්ථාවක යූධ පිටියට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් සිදු කරන ලද අති මානුෂීය මෙහෙයුම් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලොව දක්ෂතම හා විනයගරුකම හමුදාව බවට පත් කළහ. එදා තම ජීවිත බේරා ගත් දෙමළ ජනතාව හෘද සාක්ෂියට එකඟව මෙයට සාක්ෂි දරනු ඇති බව මම විශ්වාස කරමි.

බිම් බෝම්බ පුපුරා යද්දීත්, තුවක්කු උණ්ඩ ලය මතට එල්ල කර තිබියදීත්, විෂ වායු ප්‍රහාරයන්ට ලක් වද්දීත්, ෂෙල් වෙඩි වැටෙද්දීත් අපේ රණවිරු දරුවන් වර්ග වාදයකින් තොරව මහපොළවේ සැමට සමාන අයිතියක් වෙනුවෙන් සටන් වැදුණි. එවන් ධෛර්යය සම්පන්න වීරෝධාර හමුදාව කිසි දිනෙක මානව හිමිකම් කඩ කිරීමක් හෝ යුධ අපරාධයක් සිදු නොකළ බව මම තරයේ අවධාරණය කරමි.

ශ්‍රී ලංකා හමුදාව පරාජය කරනු ලැබුවේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය පවා ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙසට 2008 වර්ෂයේ නිල වශයෙන් නම් කරන ලද සංවිධානයි.

සටන් අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. එහෙත් සටන සම්බන්ධයෙන් ස්වයං විනයක් අප සතුව ඇත. සටන් වැදිය යුත්තේ කුමකට එරෙහිව ද යන්න අප හොඳින් තේරුම් ගෙන ඇත. අප රට දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන සහ විජයබාහු ආදී මහා රජවරුන් සතුරු ආක්‍රමණ පරාජය කර වීරත්වය තහවුරු කළ රටකි. දාඨිය, පලයමාර සහ එළාර වැනි ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ රටකි. ලෝකයේ අධිරාජ්‍යන් ස්ථාපිත කළ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කළ හෙළ සටන්කාමීන් සිටි රටකි. අධිරාජ්‍යවාදයට එරෙහිව වීරත්වයෙන් සටන් කළ සංඝ පරම්පරාවක් ද කැප්පැටිපොළ සහ වීර පුරන් අප්පු වැනි වීරවරුන් ද සිටි රටකි. දශක තුනක් පුරා පැවති අමිහිරි යුද්ධයක් අවසන් කරමින් වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පුදා රැකගත් රටකි. මා දණින් වැටී නමස්කාර කළේ අපේ වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියයි. මින් ඉදිරියටත්, මා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතීවා! යන්න මගේ එකම ප්‍රාර්ථනයයි.

එවන් ඒකීය රටක් වෙනුවෙන් මින් වසර 16කට පෙර යුධ බි‌මේ රුධිරය වගුරුවා ඇස්, ඉස්, මස් දන් දී අවසානයේ තම හුස්ම පවා රට වෙනුවෙන් කැප කළ වීරෝදාර යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ දරු දැරියන්ව ද, අප වෙනුවෙන් අහිමි කර ගත් දෑත් දෙපා නිසා අබාධිත තත්ත්වටය පත්ව සිටින සියලුම රණවිරු දරු දැරියන්ව ද, විජයග්‍රාහී ගමනක පෙරමුණ ගත් එවකට ධූරයන් හෙබවූ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ, නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති තුමන්, සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ඇතුළු සියලුම නිලදරුවන් ද මම ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාරය පුද කරන්නෙමි.
එවන් නිර්භීත දරුවන් බිහි කරමින් තම මව්බිම වෙනුවෙන් සංග්‍රාම භූමියට යන්නට නියත විවරණ දුන් මව්පියවරුන්ද, අපමණ කැපකිරීම් කළ බිරින්දෑවරුන් ද, ස්වාමිවරුන් ද මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. පැවති සංකීර්ණ දේශපාලන, ආර්ථික හා සාමාජයීය තත්ත්වයන් මැනවින් තේරුම් ගනිමින් සියල්ල ඉවසා සහයෝගය ලබා දුන් සියලුම ශ්‍රී ලාංකික මගේම ජනතාවට ද මාගේ ප්‍රණාමය පුද කරමි.

රට වෙනුවෙන් දිවි පිදූ තම දරුවාගේ නම රණවිරු ස්මාරක නාම පුවරුවෙහි වියපත් දැසින් සොයන මව්වරුන්ද , පිය වරුන් ද මා දැක ඇත්තෙමි. නිල ඇඳුම ඇඳගත් රණවිරුවා මාතෘ භූමියේ අභිමානය වනවා සේම කිසි දිනෙක මිය නොයනා බව මම විශ්වාස කරමි.

මහින්ද රාජපක්ෂ
පස්වන විධායක ජනාධිපති

Post Views: 10
Previous Post

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

Next Post

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

Editor TTV News

Editor TTV News

Next Post
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved