ඇමරිකා එක්සත් ජනපදයේ Kalshi සහ Polymarket වැනි ‘අනාවැකි වෙළඳපොළ’ (Prediction Markets) යෙදුම්වල ජනප්‍රියතාව පසුගිය වසර තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට එහි සිදුකළ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 44 ඉක්මවා තිබේ. ක්‍රීඩා තරඟ සහ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ ඔට්ටු ඇල්ලීම මෙන්ම, වර්තමානයේ පවතින මැදපෙරදිග යුද ගැටුම් සහ දේශපාලන නායකයින්ගේ අනාගතය පිළිබඳවද මෙහි ඔට්ටු ඇල්ලීම ලෝකයේ දැඩි අවධානයට ලක්ව ඇත.
විශේෂයෙන්ම ඉරානයේ අයතුල්ලා අලි කමේනි වැනි නායකයින් බලයෙන් පහවීම හෝ මියයාම සහ ඊශ්‍රායල-ලෙබනන ගැටුම්වල මීළඟ පියවර පිළිබඳව මුදල් ඔට්ටු ඇල්ලීමට අවස්ථාව ලබා දීම “බිහිසුණු” (Grisly) සහ සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස විචාරකයෝ හඳුන්වති. 2024 ඇමරිකානු ජනාධිපතිවරණ සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිබඳ නිවැරදි ඉඟි ලබා දීමත් සමඟ මෙම යෙදුම් කෙරෙහි ජනතාව තුළ දැඩි උනන්දුවක් ඇති වුවද, මානුෂීය ඛේදවාචකයන් මුදල් ඉපයීමේ මාර්ගයක් කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි නීතිමය පාලනයක් (Crackdown) අවශ්‍ය බවට සමාජයීය සහ දේශපාලන මට්ටමින් බලපෑම් එල්ල වෙමින් පවතී.














