අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ කටයුතු කර ඇති බව ට අසත්‍ය තොරතුරු පවසා තිබෙනවා.
එම ප්‍රකාශය හමුවේ රංග දිසානායක මහතා මාධ්‍ය හමුවක දී මෙලෙස පැවසුවා.
විවිධ පුද්ගලයන් විසින් දේශපාලනඥයන් ඇතුළුව විවිධ පුද්ගලයන් මා සහ කොමිෂන් සභාව අරමුණු කරගනිමින් විවිධ ප්‍රකාශයන් නිකුත් කරමින් ඉන්නවා.
ඒ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොමිෂන් සභාව අවධානය යොමු කරලා තියෙනවා. කොමිෂන් සභාවේ නිල ප්‍රකාශය ලෙස මාධ්‍ය නිවේදනයකුත් අපි ඒ අනුව නිකුත් කළා.
whatnews.lk උපුටා ගත් කොටසක්
‘අපි ඔබට ආරාධනා කළේ, විශේෂයෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කළා මේ අවස්ථාවෙදී මෙවැනි මාධ්‍ය හමුවක් පවත්වන්නට ඕනෑ කියලා. විශේෂයෙන්ම මේ සඳහා වන අරමුණු තුනක් තිබෙනවා. අද මාධ්‍ය හමුව සම්බන්ධයෙන්.
පළවැනි අරමුණ, විවිධ පුද්ගලයන් විසින් දේශපාලනඥයන් ඇතුළුව විවිධ පුද්ගලයන් මා සහ කොමිෂන් සභාව අරමුණු කරගනිමින් විවිධ ප්‍රකාශයන් නිකුත් කරමින් ඉන්නවා. ඒ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොමිෂන් සභාව අවධානය යොමු කරලා තියෙනවා. කොමිෂන් සභාවේ නිල ප්‍රකාශය ලෙස මාධ්‍ය නිවේදනයකුත් අපි ඒ අනුව නිකුත් කළා.
ඊට අමතරව කොමිෂන් සභාවේ වර්තමාන ස්වභාවය සහ මේ කොමිසම මොකක්ද, මේ කොමිසම හදලා තියෙන්නේ මොන පනතකින්ද, එහි කටයුතු වන්නේ කොහොමද සහ එහි ඇත්තටම තියෙන ප්‍රශ්න මොනවාද කියලා මහජනතාව දැනගන්න ඕනෑ කියල කොමිෂන් සභාව විශ්වාස කරනවා. මේ පනතේ 28 (3) වගන්තිය බැලුවොත් තියෙනවා මහජන යහපත උදෙසා තොරතුරු මහජනතාවට ලබා දිය යුතු බව.
තුන්වැනි අරමුණ තමයි වත්කම් බැරකම් ප්‍රකාශ කරීම සම්බන්ධයෙන් නීතිය අපි මොනවද කරන්නේ, අපට ඒකට තියෙන බලතල මොනවාද සහ සමහර දේවල් නීතියෙන් නිසි ලෙස අධ්‍යනය නොකිරීම නිසා වැරදි අර්ථ නිරූපණයන් ලබා දෙනවා. ඒවා නිවැරදි කිරීම.
මේ දූෂණ විරෝධී පනත මගින් ඇති කරනු ලැබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පෙර තිබූ කොමිෂන් සභාව නොවෙයි. එය 1994 අංක 19 පනතින් හැදූ අල්ලස් කොමිසමට වඩා ඉතාම වෙනස්. ඒ අනුව දූෂණ විරෝධී පනත අධ්‍යනය කරන කෙනෙකුට ඉතා පැහැදිලිව පේනවා මේ කොමිසමේ වෙනස. එතකොට මේ කොමිසම කෙතරම් ස්වාධීන කරන්න ව්‍යවස්ථාදායකයට අවශ්‍ය වුණාද කියන එක ඒ දූෂණ විරෝධී පනත කියවනකොට පැහැදිලිව පේනවා. බොහෝ දෙනා එ බව අවබෝධයෙන් තොරව ක්‍රියා කරන බව පේනවා.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පවා ඒ බව අවබෝධයෙන් තොරව ක්‍රියා කරන බව අපට පේනවා. කොමිෂන් සභාව ඒ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.
ඔබට මේ දිනවල විවිධ පුද්ගලයන් විසින් විශේෂයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් මා ඉලක්ක කරනෙ විවිධ ප්‍රකාශයන් නිකුත් කරනවා ඔබ දැකලා තියෙනවා.
කොමිසම විදියට අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඇයි එ පුද්ගලයන්ට එකපාරට මේවා මතක් වුණේ කියලා. මා දැනටත් මහාධිකරණ විනිශ්චයකාරවරයෙක්. ඒ අනුව මා මේ තනතුරට පත් වන්නේ ද්විතීයනය (සකන්ඩ්මන්ට්) මත. ඒ අනුව දැන් ඔබට මා තිබෙන සමහර චෝදනා සම්බන්ධයෙන්, මට විරුද්ධව නගර චෝදනා සම්බන්ධයෙන්, ප්‍රකාශ සම්බන්ධයෙන් ඇයි මේ වෙලාවේ ඒවා කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න කියලා අපි මේ රටේ මිනිස්සුන්ට ආරාධනා කරනවා.
මට අවශ්‍ය වෙන්නේ නෑ ඒ එක එක ප්‍රකාශයන්ට උත්තර දෙන්න. අපි පැහැදිලිව ඔවුනගේ අරමුණ හඳුනාගෙන තිබෙනවා.
නමුත් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා අපි එහෙම පැහැදිලි කිරීමක් කරයි කියලා. විශේෂයෙන්ම මට නිදහස් මාධ්‍යවේදීන් විසින් ලිපියක් එවලා තිබෙනවා රටේ ඉහළම ප්‍රසාදයක් දිනාගත්ත මාධ්‍යවේදීන් ඔවුන් ඒ ලිපියේ කියනවා නන්දන ගුණතිලක මහතාගේ ප්‍රකාශය පිලිබඳ පිළිතුරු සැපයීම කියලා තියෙන්නේ.
ඒ ලියුමේ මෙහෙම තියෙනවා.
‘ඉහත ශීර්ෂගත කාරණය සම්බන්ධයෙන් ඔබතුමා වෙත විශේෂ පැහැදිලි කිරීමක් මවිසින් මෙහි සඳහන් කිරීම අනවශ්‍ය යැයි සිතමි.ඒ මන්ද යත් නන්දන ගුණතිලක මහතා විසින් සිදු කරන ලද එකී ප්‍රකාශය මේ වන විටත් සෑම මාධ්‍යයකින්ම අනාවරණය කර ඇති නිසාය.
නන්දන ගුණතිලක මහතා සිඳු කර ඇති මෙකී අනාවරණය කිරීම ජාජබ ආණ්ඩුවට එරෙහි දේශපාලනික පාර්ශවයන්ගේ බලවත් සතුටට හේතු වී තිබෙන බව ඔවුන් විසින් සමාජ මාධ්‍යය තුළින් මුදා හරින සඳහන් කිරීම් තුළින් වටහා ගත හැකිය.ඒ සඳහන් කිරීම් තුළින් වඩාත් පරීක්ෂණයට ලක් කරමින් තිබෙන්නේ ජාජබ රජයේ කන්‍යා භාවයයි.එසේම එම සඳහන් කිරීම් වල හොඳ නරක හා දිග පලල අප විසින් තක්සේරු කිරීම කිසිම වැදගැම්‍මක් නැති මැදිහත් වීමක් බව මගේ විශ්වාසයයි.
මෙහිදී නන්දන ගුණතිලක මහතා විසින් සිදු කර ඇති හෙළිදරව් කිරීම සම්පූර්ණ අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් කරන ලද්දක් බවට මට පෞද්ගලිකව තොරතුරු ඉදිරිපත් කළ හැකි නමුත් එය තර්කානුකූල තහවුරු කිරීමක් නොවන්නේය.ඔහුගේ එම තොරතුරු අනාවරණයේ සත්‍ය අසත්‍යතාව සමාජය වෙත පැහැදිලි කිරීම ඔබතුමාගේ අනිවාර්ය වගකීමක් වන බව පුරවැසියෙකු ලෙස මම දැඩිව විශ්වාස කරමි.
එය එසේ වන්නා සේම නන්දන ගුණතිලක මහතා සිදු කරන ලද ප්‍රකාශය අසත්‍ය නම් ඔහුට එරෙහිව අනිවාර්යයෙන් අධිකරණ ක්‍රියා මාර්ගයකට එළඹිය යුතු බවද මම සිහිපත් කරමි.එකී අධිකරණ ක්‍රියා මාර්ගය මගදී සමථයකට පත් වන හුරතල් හා විනෝදජනක අධිකරණ ක්‍රීඩාවක් නොවිය යුතුය.ඒ මන්ද යත් නන්දන ගුණතිලක මහතාගේ හෙළිදරව් කිරීම හා ඔහු තුළ පැවැති අපේක්ෂාවෙන් බරපතල හානියකට ගොදුරු වූයේ අල්ලස් හෝ දූෂණ කොමිසම නිසාය.
කෙසේ වෙතත් මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය ඔබතුමා විසින් සමාජයට පැහැදිලි කර දී ප්‍රශ්ණය නිරාකරණය කරනු ඇතැයි මා විශ්වාස කරන අතර එය ඉතා හදිසි කාර්යයක් සේ සළකන ලෙසද ඉල්ලමි.‘
මම විශ්වාස කරනවා මේ රටේ මිනිස්සුන්ට මෙය පැහැදිලි කළ යුතු බව. දේශපාලනඥයන්ට නෙවෙයි රටේ ජනතාවට පැහැදිලි කළ යුතු බව. මොවුන්ගේ අරමුණ පැහැදිලි වෙනවා. මම විශ්වාස කරනවා රටේ මිනිස්සු මේ වෙලාවේ මා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ඒ බව අපට පේනවා අපට ලැබෙන පැමිණිලිවලින්. මිනිස්සුන්ගෙ විශ්වාසය වැඩිවීම නිසා පැමිණිලි ලැබෙන්න පටන් අරන් තියෙනවා. මෙහි එක අරමුණක් තමයි විශ්වාසය කඩ කිරීම. ඔබ විශ්වාස කරන කෙනෙක් ගැන පොඩි දෙයක් කිව්වත් කළකිරීමක් ඇති කරනවා. විශ්වාසය කඩ කිරීම සඳහා මෙය සංවිධානාත්මකව කරන බව අපට පැහැදිලිව පේනවා. එක එක විවිධ චෝදනා එහෙම නැත්නම් අකටයුතුකම් මා විසින් කළාය කියලා එක එක චෝදනා ගේනවා.
ඊළඟ අරමුණ විදියට අඳුනගෙන තියෙනවා, මෙහෙම කළාම අපි එවා පිටිපස්ස් යනවා. හැමෝම අහනවා අපි නඩු දානවද? ඒගොල්ලන්ට නීති පියවර ගන්නවාද? අපහාස නඩු දානවාද? දැන් එතකොට මොකද වෙන්නේ? මේ ආයතනයේ කරන්න ඕනෑ මූලික අරමුණෙන් අපි බැහැර වෙනවා. අපි එවා කරන්නේ නැතිව මේගොල්ලන්ගේ පස්සේ යන්න පටන් ගන්නවා. අපි දෙකක් හඳුනාගෙන තිබෙනවා. එක්ක ඔවුන්ට අවශ්‍යය මේ ආයතනය කෙරෙහි මිනිස්සු තියලා තියෙන විශ්වාසය නැති කරන්න.
දෙවැනි එක ඔවුන්ට අවශ්‍ය්‍යි අපි කරන වැඩපිළිවෙලට බාධා කරමින් වෙනත් දිශාවකට යොමු කරන්න. මෙය ඉතා දැඩිව අල්ලස් හෝ දූෂණ විමරශණ කොමිෂන් සභාව අරගෙන තිබෙනවා. කොමසාරිස්වරුන් සමග මා සාකච්ඡා කළා.
මට එල්ල වි තිබෙනවයි කියන චෝදනා, කවුද එල්ල කරන්නේ කියලා නෑ. කවුරුහරි ඇවිත් කියනවා චෝදනා තියෙනවා කියලා.
පළමු කොටම මාගේ දරුවා පාසැලකට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල කොමිෂන් සභාවට යොමු කරනු ලැබුවා. ඒ පුද්ගලයා ඉතා නිවැරදිව කරනු ලැබුවා. ඔහු පැමිණිල්ලක් කළා. එක එක තැන කියව කියවා ඉන්නේ නැතිව පැමිණිල්ලක් කළා. පැමිණිල්ල ලැබුණාම මම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කොමිසමට ඉල්ලීම් තුනක් ලිඛිතව කළා මේ පැමිණිල්ල විමරශනය කරන්න. මා සම්බන්ධ නොවී වෙනම විමර්ශනය කරන්න. මම වරදක් කර තිබේ නම් දන්වන්න. වරදක් කර නැත්නම් ඒ බව මාධ්‍යයට දැනුම් දෙන්න.
තුන්වැනි එක තමයි ඒ පුද්ගලයා කර තිබෙන්නේ අසත්‍ය පැමිණිල්ලක් නම් ඔහුට විරුද්ධව දූෂණ විරෝධී පනත යටතේ අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන්, පැමිණිල්ලක් කළා විතරක් නෙවෙයි ඒක ෆේස්බුක්වල දාලා ප්‍රචාරය දුන්නා. පනතේ 125 (2) වගන්තිය යටතේ මට බලපෑමක් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. කොමිසම විමර්ශනයක් කළා.
මා දන්නේ නෑ කොහොමද කළේ කියලා. මා දැනගත්තා කොමිසම අධිකරණ සේවා කොමිසමෙන් සියලු ලේඛන ගෙන්වාගෙන විමර්ශනයක් කරලා එ අනුව කොමිසම මා ලිපියකින් ඉල්ලූ පරිදිම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහිදී කිසිදු නීතිවිරෝධී දෙයක් සිදු වී නොමැති බව එහි සඳහන් වුණා. තුන්වැනි පියවර ගැනීම සඳහා කොමිසම නියෝගයක් නිකුත් කර තිබෙන බව මා දන්නවා. එම අසත්‍ය පැමිණිල්ල කළ පුද්ගලයා සම්බන්ධව.
දෙවැනුව නන්දන ගුණතිලක මහතා කරපු ප්‍රකාශය. මම 2004 දී තමයි මහේස්ත්‍රාත්වරයෙක් විදියට බැඳෙන්නේ. 2020 දී මහාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් පත් වන්නේ. 2025 දී තමයි ද්විතීයනය පදනම මත මේ තනතුර බාර ගත්තේ. මම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නම් මම විනිසුරුවරයෙක් හැටියටත් සුදුසු නෑ. නන්දන ගුණතිලක මහතා අවුරුදු විස්සක් මේක කාටවත් කිව්වේ නෑ. අධිකරණ සේවා කොමිෂන් සභාවට කිව්වේ නෑ. ඔහුට අධිකරණ සේවා කොමිසමට කියන්න පුලුවන් ජවිපෙ දේශපාලනයට සම්බන්ධ කෙනෙක් අධිකරණ සේවයේ ඉන්න එක සුදුසු නෑ කියලා.
ඔහු කිව්වේ නෑ. මම කිසිම දවසක ඔහු කියන ආකාරයේ කමිටුවක ඉඳලාත් නෑ. සම්බන්ධයකුත් නෑ. එය අනිවාර්යයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනෑ.
මේක ඇත්තනම් ඔහු කරන්න ඔනෑ මොකක්ද? කෙනෙක් චෝදනා නගනවා නම් ඔහු ඔප්පු කරන්න ඕනෑ. දැන් අමුතු සංස්කෘතියක් හැදිලා. නීතිඥවරුනුත් මේකට ඉන්නවා. අමුතු දෙයක්. බොරුවක් කියනවා. බොරුවක් කියලා කියනවා, ඒක බොරු කියලා ඔයා ඔප්පු කරන්න කියලා. මම කළා කියන දේ ඔප්පු කරන්න ඕනෑ ඔහුනේ. ඔහු කියනවා, මම කියනවා. ඒක බොරු කියනවා නම් ඔප්පු කරන්නලු. එහෙම කොහේද තියෙන්නේ. ඔහු කියන ඒවා ඇත්ත නම් මාධ්‍යයට ගිහින් දේවල් කියන්නේ නැතිව කරන්න තියෙන දේවල්.
මේවා කරන්න, ඔබ මුලින්ම අධිකරණ සේවා කොමිෂන් සභාවට ඔය ලේඛන එක්ක පැමිණිල්ලක් කරන්න. මම මෙහෙම සම්බන්ධවෙලා හිටියා කියලා.
මොකක්හරි බොරුවක් කිව්වාම ඒ බොරුව අරගෙන සමහරු ලෝකෙ වටේ යනවා. පාර්ලිමේන්තුවටත් යනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා ඒවා කියනවා. ඇත්තද බොරුද කියලා මොකුත් හොයන්නේ නැතිව. පාරලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා වැඩ කරනවා.
නන්දනට තව දෙයක් කරන්න පුලුවන්.
දැන් නීතිඥ උදය ගමමන්පිල කියනවා මම දූෂණ විරෝධී පනතේ 19 වැනි වගන්තිය යටතේ වරදක් කරනවා කියලා. මේ වගන්තියේ තියෙනවා අධ්‍යක්ෂ ජෙනරාල්ට නුසුදුසුකම්. යම් මැතිවරණයක් සමයේදී දේශපාලන පක්ෂයක යම් තනතුරක් දැරීම. එහෙම දරලා තියෙනවා නම් මේ තනතුර බාරගන්න කලින් මා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවසථා සභාවට ලේඛනයක් මගින් මගේ බැඳීම් හෙළිදරව් කරනවා. කරුණාකරලා නන්දන ගුණතිලක මහතා සහ උදය ගම්මන්පිළ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එරෙහිව පැමිණිල්ලක් කරන්න.
මෙච්චරකල් සද්ද නැතිව හිටියා. ගම්මන්පිල මහතා තව එකක් කියනවා. අර්ජුන් මහේන්ද්‍රන්ට විදේශ ගමන් තහනම් කිරීම ඉවත් කළා කියලා. මට අර්ජුන මහේන්ද්‍රන්ට විදේශ ගමන් තහනමක් තිබුණාද කියන කරුණ මතක නෑ. ඒත් මම එහෙම විදේශ ගමන් තහනම ඉවත් කිරීමක් කළේ නෑ කියලා ඉතාම පැහැදිලියි.
මෙතැන ඉන්නවා මාධ්‍යවේදීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු. ඔවුනට මතක නම් රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සියලුදෙනාට වරෙන්තු නිකුත් කළේ 2018 දී මම කොටුව මහේස්ත්‍රාත් සිටියදීයි. මම ඒ වරෙන්තු නිකුත් කිරීම වැරදියි කියලා ඔවුන් මට විරුද්ධව අභියාචනාධිකරණයට ගියා. අර විදියේ එකක් කවදාවත් සිදු වුණේ නෑ. මම එහෙම කරලා තියෙනවා නම්, අධිකරණ නිලධාරියෙක් විදියට මම කරලා තියෙන්නේ වරදක්. මම 2017 දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වශයෙන් හිටිය. දැන් අවුරුදු අටක් ගතවෙලා. කිසි පැමිණිල්ලක් දැම්මේ නෑ. ඒත්, දැන් වුණත් අධිකරණ නිලධාරියෙක් විදියට මම වරදක් කළා නම් පැමිණිලි කරන්න පුලුවන්.
මේවා මෙච්චරකල් තියන් හිටියානේ. ඇයි දැන් කතා කරන්නේ. ඔවුන් කරන්නේ අරමුණ ඉතා පැහැදිලියි. ඔවුන්ට ඕනෑ මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන විශ්වාසය නැති කරන්න. මට වෙන අරමුණක් තේරුම් ගන්නම බෑ. මෙච්චරකල් කොහේහරි තිබුණ එකක් හොයාගෙන. අතීතයේ තිබුණ මොනාහරි හොයාගෙන කියනවා.
මේවාට විරුද්ධව මම පියවර ගන්නවා නම්, මොනවාද පියවර ගන්නේ. සාපරාධී අපහාසය ලංකාවේ නෑ. මට පුලුවන් සිවිල් අපහාස නඩුවක් දාන්න. දැන් මම නඩු දාලා මේ අයගේ පස්සේ යන්න ඕනෑ. මේ කොමිසමේ පහසුකම්, සේවකයන් අඩුයි. කොයිතරම් අපහසුවෙන්ද විමර්ශන කරන්නේ. මේවා කරන්නේ නැතිව අරගොල්ලන් පස්සේ යන්න වෙනවා මට.
කොමිසම පැහැදිලිව තීරණය කරලා තියෙනවා මේ චෝදනා ගැන. මේවා තනි පුදග්ලයන්ට එරෙහිව නෙවෙයි, අපි කරගෙන යන කටයුතුවලට එරෙහි පියවර.
කොමිසම විසින් මේ ගැන මාධ්‍ය නිවේදනයක් දීලා ඇති. නිල මාධ්‍ය නිවේදනය හැටියට එය නිකුත් කරනවා මේ සම්බන්ධයෙන්.
මෙතැනින් පස්සේ අපි කරන දේවල් සම්බන්ධයෙන් චෝදනා කියන අයට කිය කිය ඉන්නේ නැතිව කරන්න පුලුවන් දේවල් තියෙනවා. ඒවා කරන්න. හැබැයි කොමිසම තීන්දු කරලා තියෙනවා. විමර්ශනවලට බාධා කරමින් කරන දේවල් දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය ප්‍රකාරව කොමිසමට අපහාසයක් ලෙස සලකා ඔවුන්ට විරුද්ධව පියවර ගන්න. අපට තව වැඩ කරන්න තියෙනවා.‘