රටපුරා සමානාත්මතාවයෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමක් නැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේදී විශාල ගැටළුවක් මතු වී ඇති බවරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත් මොවුන් පවසා ඇත්තේ මෙම ගැටලු සම්බන්ධයෙන් රජයෙන් නිසි විසදුමක් නොලැබුණහෛාත් ලබන සඳුදා දිනයේ දැවැන්ත වර්ජනයකට නිරත වෙන බවයි.
වෛද්‍ය සේවයේ සහ ක්ෂේත්‍රයේ පවතින තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට පවසා ඇත්තේ රජයට ඇත්තේ පැය 72 ක කාලයක් පමණක් බවත් ගතයුතු ක්‍රියාමාර්ග නොගන්නේ නම් සෞඛ්‍ය සේවය අඩාල වීමක් සිදු වන බවයි.
දුෂ්කර සේවා ස්ථානවල පුරප්පාඩු ලැයිස්තුද වැරදිව සකස් කර ඇති අතර, සමහර රෝහල්වල නොපවතින ඒකකවලට වෛද්‍යවරයෙක් පත් කර තිබීමද දැකිය හැකි බවත් මොවුන් පවසනවා.
මෙවැනි තත්ත්වයක් නිසා ග්‍රාමීය හා දිස්ත්‍රික් රෝහල් විශාල ප්‍රමාණයක් වැහිලා යාමට ලක්වෙමින් පවතින අතර ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීම මේ වන විටත් අභියෝගයකට පත් ව ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ.
වෛද්‍ය චමිල් විජේසිංහ ( සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය )