රජයේ ආයතන කිහිපයක සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සහ ප්‍රධානීන් නුදුරේදීම වෙනස් කිරීමට රජය සලකා බලමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති සතිපතා මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම යෝජිත වෙනස්කම් සම්බන්ධයෙන් රජය මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවයි. ඒ අනුව සිදු කිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.













