රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැවති සාම්ප්‍රදායික සටන් කිරීමේ හැකියාව මෑත කාලය තුළ ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව බොහෝ දෙනා සාක්ෂි දරනූ ඇත.
මෑත කාලීනව පවතින දුර්වල නායකත්වය, මන්දගාමී තීරණ ගැනීම හරහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භූමිකාව සම්බන්ධව විවේචන එළඹෙමින් පැවති බව පෙනී යයි.
නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් තම ධූරයෙන් ඉල්ලා අස්වීම කාලයක් තිස්සේ සංගමයේ අභ්‍යන්තරයේ පැවති පීඩනයක් පුපුරා යෑමක් ලෙස තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෑත කාලීනව සාකච්ඡාවට බඳුන් වූ අනුරාධපුර වෛද්‍යවරියකට මුහුණ පෑමට සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙදි කටයුතු කළ ආකාරය සම්බන්ධව , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථා සංශෝධනයක්, අයවැය මගින් වෛද්‍යවරුන් ගේ වැටුප් වැඩිවී මේ අක්‍රමිකතාව සහ ඊයේ දිනයේදී (29) සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු කළ අමතර දීමනා චක්‍රලේඛය සම්බන්ධව විධායක කමිටුව තුළ ඇති වූ උණුසුම් ව්වාදය මෙයට හේතුව ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.