අසාධාරණ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට (04) උදෑසන 08.00 සිට යළිත් වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කර තිබෙනවා. මෙම වැඩ වර්ජනය හෙටින් පසුව අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට දිනයේදී විශේෂ විධායක සභා රැස්වීමක් කැඳවා ඇති අතර එහිදී ගන්නා තීරණ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි වෛද්‍ය සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.














