එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා නිසි නැකත් කාලසටහනක් ඉදිරිපත් කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බව විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද (15) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. රජයේ බලධාරීන් නැකත් විශ්වාස නොකළද, ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව සම්ප්‍රදායික චාරිත්‍ර අනුගමනය කරන බැවින් විධිමත් ‘නැකත් සීට්ටුවක්’ ප්‍රකාශයට පත් කිරීම රජයේ වගකීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්, පෞද්ගලික කණ්ඩායම් විවිධ වේලාවන් ඉදිරිපත් කිරීම නිසා රටේ සංස්කෘතික ඒකාග්‍රතාවයට බාධා මතුව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














