වයස අවුරුදු 12ට අඩු පාසල් දරුවන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව ළමා කටයුතු අමාත්‍යවරිය සරෝජා පෝල්රාජ් මහත්මිය අද (26) සඳහන් කළාය.
සිසුන් සහභාගී වූ විශේෂ උත්සවයක් අමතමින් ඇය පවසා සිටියේ, ඉදිරි කාලයේදී 12ට අඩු කිසිදු දරුවෙකුට ජංගම දුරකථන හිමි කර ගැනීමට හෝ භාවිත කිරීමට ඉඩ නොලැබෙන බව රජය සහතික කරන බවයි.
ඇය වැඩි දුරටත් කියා සිටියේ, දරුවන්ගේ අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි නීතිමය පියවර අත්‍යවශ්‍ය බවත්, මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අංශ සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත්ය.














