සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් සමග අපට මෑත කාලීනව අහන්න ලැබුණු දෙයක් වුවත් මෙය නූතන ලෝකයට අලුත් මාතෘකාවක් නම් නොවෙන අතර,මෙඩිකල් ටූවරිසම්, දේශාටන වෛද්‍යවේදය, සංචාරක වෛද්‍යව විද්‍යාව, හෙල්ත් ටූවරිසම් වශයෙන් විවිධ ලෙස සාකච්ඡාවක්ට බඳුන්වන මාතෘකාවකි.
අපට සාමාන්‍යයෙන් එදිනෙදා දකින්න ලැබෙන නිරෝගී සංචාරකයන් හුදෙක්ම විනෝද ආස්වාදය වෙනුවෙන් හෝ ව්‍යාපාර අවශ්‍යතාවයකට ගමනාන්තයකට සංචාරය කරිම නොවෙයි මෙඩිකල් ටූවරිසම් යන්නෙන් අර්ථ දැක්වෙන්නේ රෝගීන් ප්‍රතිකාර ලබාදීම සඳහා රෝගියා ජීවත්ව සිටින තම රටේ සිට තවත් රටකට දේශසීම හරහා ගොස් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතිකාරයෙන් පසුව නැවත එම රට වෙත පැමිණීමයි. කෙටියෙන්ම කියනවනම් රෝගියෙක් තම මව් රටේ පූරවැසිභාවය තිබෙන රටේ සිට දේශසීමා හරහා වෙනත් රටකට ප්‍රතිකාර සඳහා ගමන් කිරීමයි.එය බාරදූර කර්තව්‍යයක් වගේම පිරිස් ගණනාවක සහභාගිත්වයෙන් සාමූහික ප්‍රයත්නයක් මගින් සිදුකළ යුතු සංකීර්ණ ක්‍රියාවලියක්. එමගින් සැලකිය යුතු ප්‍රමාණයක විදේශ විනිමය උපයා ගැනීමට හැකියාව පවතිනවා. දැනට පවතින තොරතුරු අනුව ග්‍රීසියේ සතවර්ශ ගණනාවක් අතීතයටත් ඒ වගේම වසර පන්දහසක් පමණ පැරණි ඉන්දියාවේ ආයුර්වේද ප්‍රතිකාර කර ගැනීමට රෝගීන් ගමන් කර ඇති බව සඳහන් වෙනවා. නූතන දස වස් ගණනාවක් මුළුල්ලේ රෝගීන් තම ප්‍රතිකාර සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල සිට තාක්ෂණය ම උසස් වඩා දියුණු සංවර්ධිත රටවල් වල ප්‍රතිකාර ලබා ගැනීමට උත්සුක විය. ඒ අදටත් පවතී. එමෙන්ම මෑත කාලීන තාක්ෂණික දියුණුවත්, ගුවන් ගමන්වල වියදම් සැලකිය යුතු මට්ටමකට අඩුවීමත්, නවීන උසස් ප්‍රමිතිගත වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍යවරු අඩු මුදලට සංවර්ධනය පවතින රටවලදී ලබා ගැනීමට හැකිවීමත්, සමහර දියුණු වෙමින් පවතින රටවල ් යම් ප්‍රතික්කාර ක්‍රම ඉතා උසස් මට්ටමෙන් සාර්ථකව සිද්ධ කරන්න පුළුවන් වීමත් සමග සංවර්ධිත රටවල රෝගීන් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රතිකාර ගැනීමට නැඹුරු වීම අප අද කතා කරන දේසාටන වෛද්‍ය වේදය පෙන්වා දෙන්න පුළුවන්. උදාහරණ විදිහට ගත්තොත් තුර්කි රාජ්‍ය තුළ හිසකෙස් සිටුවීම, බ්‍රසීලයේ buttock රූපලාවන්‍ය ශල්‍යකර්ම, ඉන්දියාව තුළ අවයව බද්ධ කිරීම නි රටවල්වලට සුවිශේෂී වූ ඉහළ ප්‍රතිකාර ක්‍රම ඉහළ රෝග සුව කිරීමේ දක්ෂතා දක්වන්න පුළුවන් වෙලා තියෙනවා. සෝෂියල් මීඩියා සහ ඉන්ටර්නෙට් හරහා ප්‍රචාරණයද සුවිශේෂී ලෙස දායකත්වය ලබා දෙමින් පවතිනවා.
මෙහිදී වැදගත්ම කාර්යයක් වන්නේ රෝගියෙක් ඇයි තමන්ගේ රටේ සිට ියේ තවත් රටකට පැතිකර සඳහා යන්නේ කියන එකයි. එම තීරණය සුවිශේෂී තීරණයක්. එහිදී ප්‍රධානම සාධකය වන්නේ අඩු වියදම, ඒ වගේම තම රටේ ප්‍රතිකාර ක්‍රම නොමැතිවීම, නීතියානුකූල නොමැතිවීම, වෛද්‍යවරයෙකු මුණගැසීමට හෝ පෙරත්තු ලේඛනය තුළ බොහෝ කල් පනා බලා සිටීමට සිදුවීම, ස්වභාවික ප්‍රතිකාර සඳහා ඇති නැඹුරුව වැඩිවීම, සෞඛ්‍ය සේවකයන් විසින් රෝගීන්ට ඉහළ කාරුණික සේවාවක් ලබාදීම, වෙනත් රටක සංචාරය කරන අතර ප්‍රතිකාර ලබා ගැනීමට ඇති හැකියාව වැනි සාධක ගණනාවක් බලපායි.
අඩු වියදම රෝගීන්ගෙන් වැඩිම දෙනෙක් වෙනත් රටකට ප්‍රතිකාර සඳහා යොමු වීමට බලපාන ප්‍රධාන සාධකය. ඉන්දියාව තුළ ප්‍රතිකාර ගැනීමේදී ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යයට වඩා හතරෙන් පහක පමණ අඩු මුදලකට එනම් එනම් සියයට විස්සක වැනි ප්‍රමාණයකට ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව පවතිනවා. උදාහරණයක් විදිහට හෘද සැත්කම් සඳහා ඇමෙරිකාව තුළ ( Bypass Surgery) $123000 පමණ අය කරන අතර එය ඉන්දියාව තුළ ඩොලර් හත්දහසක් සහ තායිලන්තය තුළ ඩොලර් 1700ක් පමණ මුදලක් ආසන්න වශයෙන් වියදම් වෙයි.
හෘද කාපාට ශල්‍යකර්මයක් සඳහා ඇමරිකාව තුළ ආසන්න වශයෙන් ඩොලර් 170,000 ( රුපියල් පස්කෝටි දස ලක්ෂයක් Rs. 5,100,000 ක්) වන අතර ඒ ඉන්දියාව තුළ $8500-11500 පමණ කොලම්බියාව තුළ ින් ඩොලර් 20000 ක් පමන යුක්රේනය තුළ ඩොලර් හයදාහක් අටදාහක් පමණ වැය වෙයි.
දත් හිටවීම ඇමෙරිකාව තුළ $1500 අමන වන අතර යුක්‍රේනය තුල $ 500-700 ජෝර්දානය $ 635-915 තුළ අඩු මුදලකට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව පවතිනවා.
මෙහිදී වෙල්නස් ටුවරිසම් , වෛද්‍ය පරීක්ෂාව සහ නිදන්ගත වැනි වෛද්‍ය ප්‍රතිකාර මගින් ලැබෙන ආදායම පහල අගයක පවතින අතර ශල්‍යකර්ම මගෙන් ඉතා ඉහළ ආදායමක් ලැබීමට හැකියි. ලෝකයේ දේසාරණ වෛද්‍ය විද්‍යා සංගමයට අනුව සාමාන්‍යයෙන් වසරකට මිලියන 14 ක් හෝ ඊට වැඩි රමාණයක් රෝගීන් ප්‍රතිකාර සඳහා ගමන් කරන බව ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් රෝගියෙකුට ප්‍රතිකාර සඳහා යන වියදම 40-80% අතර ප්‍රමාණයකින් ඉතිරි කර ගන්න පුළුවන් බව තහවුරු කරලා තියෙන්නේ. දැනට තක්සේරු කරලා තියෙන ආකාරයට වසරකට ඩොලර් මිලියන 100ක න් ඉහල ජාත්‍යන්තර ආර්ථිකයක් මෙඩිකල් ටුවරිසන් වලට හිමිවන අතර 15-20% (GAGR12.20% 2022-2032) ප්‍රමාණයකින් වර්ධනය වන බව ගණන් බලා ඇත.
ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, බටහිර යුරෝපානු රටවල් වලින් රෝගයෙන් මේ සඳහා යොමුවන අතර මින් මේ වන විට විශාලම වෙළඳපොළ ආසියා පැසිපික් කලාපයි (75%-2021 වර්ෂයට සාපේක්ෂව). ජාත්‍යන්තරය තුළ ඉදිරියෙන් පවතින්නේ සිංගප්පූරුව තායිලන්තය ඉන්දියාව ශ්‍රී ලංකාවට ආසන්න රටවල් සහ ඊශ්‍රායලය, බ්‍රසීලය, මෙක්සිකෝව, කොස්ටාරිකා වැනි රාජ්‍යයන් වන අතර රටවල් හතලිස් හයක ප්‍රමාණයක් මේ අතර ඇත. ශ්‍රී ලංකාවට ආසන්නම රට ඉන්දියාව තුළ මැඩිකල් 20 මාකට් එක ඩොලර් බිලියන හයක් පමණ වන අතර වසරකට සංචාරක ම් රෝගීන් පනස්දාහක පමණ ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා ඉන්දියාවට පැමිණේ. 2016 වසර තුළ රෝගීන් 430,000 ද 2017 වසර තුළ ලක්ෂ හතක රෝගීන් ප්‍රමාණයක් ඉන්දියාවට ප්‍රතිකාර සඳහා ගමන් කර ඇත.
සංචාරක රෝගීන් හතර ජනප්‍රියතම ප්‍රතිකාර ක්‍රම ලෙස
රූපලාවන්‍ය ශල්‍යකර්ම හා ප්‍රතිකාර
දන්ත වෛද්‍ය ප්‍රතිකාර
පිළිකා රෝග ප්‍රතිකාර
අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්ම හා ප්‍රතිකාර
හෘද රෝග හා ශල්‍යකර්ම
විකලාංග වේදය හා ශල්‍යකර්ම
විකල්ප වෛද්‍ය ක්‍රමයක් ( හෙල වෙදකම ආයුර්වේද ….)
අක්ෂි රෝග ප්‍රතිකාර
ස්තූලතාවය සඳහා ප්‍රතිකාර/ ශල්‍යකර්ම
පුනරුත්ථාපන ( Rehabilitation) ප්‍රතිකාර
ක්‍රම හඳුනා දිය හැක.
මෙඩිකල් ටුවරිසම් එසේත් නැත්නම් හෙල්ටුවරිසම් ප්‍රධාන කොටස් කිහිපයකට වර්ගීකරණය කරනවා. මේ සඳහා විවිධ වර්ගීකරණ පවතිනවා. ප්‍රතිකාර හා සේවා අනුව ්‍රධාන කොටස් හතරකට නැවත බෙදා දක්වන්න පුළුවන්
- ප්‍රතිකාරසඳහා මෙඩිකල් ටූවරිසම්
- පුනරුත්ථාපනය සඳහා Rehabilitation ටූවරිසම්
- සුවතාව සඳහා ( රෝගීන් නොවන ( wellness tourism)
- විකල්පවෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හෙළ වෙදකම වැනි.
සංචාරයක් සඳහා පැමිණි පුද්ගලයකුට අවශ්‍ය වන හදිසි ප්‍රතිකාර හෝ තම රටේ පුරවැසියෙකු වෙනත් රටක පදිංචි වී සිට ප්‍රතිකාර සඳහා පුරවැසිභාවය දරන රටට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීම දේශාටන වෛද්‍යවේදය තුළට ඇතුළත් කර නොගනී.
Heal in India ඉන්දියාවේ මෙඩිකල් ටුවරිසම් ජාතික මාර්ග උපදේශය සහ උපාය මාර්ග 2022 සඳහන් වෙනවා උපයා ගැනීම Total revenue ඩොලර් 16.3 බිලියන, ලෝකය තුළ ඉහළ ප්‍රජා සෞඛ්‍ය සේවාවක් පවතින ශ්‍රී ලංකාව තුළ අපට විනිමය ලබා ගැනීමට මෙඩිකල් සහ භාවිතා කරන්න බැරිද?
ලෝකය තුළ ඉහළම එන්නත් කරන ප්‍රතිශතයක් පවත්වා ගන්නා රට ශ්‍රී ලංකාවයි. සෞඛ්‍ය දත්ත හා ප්‍රතිකාර ක්‍රම ය ඉතා අඩු මුදලකින් ලෝකය තුළ සංවර්ධත රටවල් වලට සමාන ආකාරයට පවත්වාගෙන යන රටක්, අනෙකුත් ආසියාතික ැටිකල් 12 පවත්වාගෙන යන රටවල් වලට සාපේක්ෂව සෞඛ්‍ය දර්ශක ඉතා ඉහළින් පවත්වාගන්න රටක් අපි. ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය පාලනය කිරීම දක්ෂ අයුරින් ලෝකය තුළ ඉදිරියෙන් සිටි රටක්. සංචාරයට ලෝකය තුළ හොඳම රටවල් කිහිපයකින් කක් මෙන්ම සංචාරක කර්මාන්තය තුළ නියැලෙන විශාල පිරිසක් ශ්‍රී ලංකාව තුළ දැනටමත් අසල පරපුරුද්දක් සහිතව සංචාරක කර්මාන්තය තුළ නියැලෙනවා. ශ්‍රී ලංකාව තුළ කටුනායක, රත්මලාන, පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල් සහ ාත්‍යන්තර වරායන් පහක් සමග ප්‍රධාන ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගයක් ලංකාවට ඉතා නුදුරින් පවතිනවා. ශ්‍රී ලංකාව තුළ විශේෂඥ වෛද්‍යවරුන් තම පුහුණුව සඳහා විදේශ රටක සිට වසර දෙකක ි කාලයක් පුහුණුව ලැබීම අත්‍යවශ්‍යයි, තවද විදේශ රටවල්වල රුසියාව චීනය ඉන්දියාව වැනි වෛද්‍ය විද්‍යාව හදාරා පැමිණි වෛද්‍යවරුන් ශ්‍රී ලංකාව තුළ සිටීමද මගෙන්මෙඩිකල් ටුවරිසම් සඳහා රෝගීන්ගේ භාෂාව සහ ඔවුන්ගේ සංස්කෘතික ලක්‍ෂණ හා ප්‍රතිකාරකම ගැන හසල දැනුමක් සහිත වෛද්‍යවරුන් අප රට තුළ පැවැතීම වැදගත් සාධකයක්. ඊට අමතරව විශේෂිත දැනුමක් සහිත මෙඩිකල් ටූවරිසම් මානව සම්පත දියුණු කිරීම දැනටමත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් පවත්වන Cross boarder healthcare ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාවක් මගින් සිදු කරමින් පවතී. ජාත්‍යන්තරත් ප්‍රමිතිකරන ලබාගත් පෞද්ගලික රෝහල් ලංකා හොස්පිටල්, ආසිරි හොස්පිටල්, ඩර්ඩන්ස් හොස්පිටල් වැනි අප රට තුළ දැනටමත් ප්‍රතිකාර සේවා පවත්වාගෙන යෑම. වර්තමානය තුළ මාලදිවයින, සීෂෙල්ස් වැනි රාජ්‍ය තුළින් තැනටමත් ප්‍රතිකාර සඳහා සංචාරක රෝගීන් පැමිණියත් එය සුළු ප්‍රමාණයකට ලක් වීම අපට සෑහීමකට පත්වීමට නොහැක. මෙඩිකල් 20 ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා ප විසින් සිදුකළ යුතු මූලික අවශ්‍යතාවන් ගණනාවක් පවතී. එහිදී මූලිකම වැදගත් වන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වයයි. පෞද්ගලික අංශය දැනටමත් යම් සාධනීය මට්ටමක දායකත්වය හා අවශ්‍යතාවයන් පෙන් වුවද ලිකවම රාජ්‍ය අංශය තුළින් අවශ්‍ය පසුබිම සකස් කරදීම ඉතා වැදගත්ය. ඒ සඳහා අමාත්‍යාංශ කිහිපයක සංචාරක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, අපනයන සංවර්ධන අධිකාරිය මූල්‍ය හා රක්ෂණ ය සමාගම්, තොරතුරු තාක්ෂණ අංශ, නීති අංශ වලට සම්බන්ධකරණය ඉතාම වැදගත්.
ඒ වගේම මෙඩිකල් ටුවරිසම් සඳහා අවශ්‍ය පහසුකම් නීති රීති හඳුන්වාදීම සහ නියාමනය සඳහා අවශ්‍ය පියවරයන් සකස් කිරීම, ජාත්‍යන්තරය තුළ මෙඩිකල්ටුවරිසන් ප්‍රචාරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම ෙන්ම රටක් ලෙස මෙඩිකල් ටුවරිසම් සඳහා මාර්ග සිතියම් හා මාර්ග උපදේශන සකස් කිරීම ඉතාම වැදගත්. සඳහා අවශ්‍යය නම නීති රීති ප්‍රමිතිකරණය තත්ත්ව සහතික සහ නියාමන ක්‍රමවේද සකස් කිරීම හඳුන්වා දීම හා අදාල අංශ දිරිගැන්වීම සිදුකළ යුතුය. වෙනත් රටක් තුළ සිටින රෝගියෙකුට ප්‍රතිකාර ලබා ගැනීමට හැකි සුරක්ෂිත ප්‍රතිකාර ලබා දෙන රටක් ලෙස ලෝකය තුළ ශ්‍රී ලංකාව හඳුන්වා ගත යුතුයි. ඒ සඳහා රාජ්‍ය දායකත්වය එදා වැදගත්. දැනටමත් රටවල් හතළිස්යක් පමණ දේශාත්ම වෛද්‍යවේදය තුළින් තම රටට විදේශ වෙන්නේ උපයා ගනිමින් සිටී. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීමට හැකි තවත් ජාත්‍යන්තරය මාර්කට් එකක් තුළට යෑමට ඇති හැකියාව දැනටමත් පවතී. ඒ සඳහා අවශ්‍ය නායකත්වය නියාමනය හා ක්‍රමවේදයන් සකස් කිරීම පෞද්ගලික අංශය හරහා පමණක් සිදුකළ නොහැක. මෙඩිකල් ටුවරිසම් තුලන් අවයව ජාවාරම්, නිසි ආකාර ප්‍රතිකාර නොකිරීම, අයථා අකාරයට මුදල් අය කිරීම්, නිසි ප්‍රතිකාර කිරීමට නොහැකි වීම වැනි සිදුවිය හැකි අයථා ක්‍රියාවන් පිටුදැකීමට අවශ්‍ය පසුබිම් සකස් කළ යුතුයි. ජාත්‍යන්තර සෞඛ්‍ය රක්ෂණ හරහා මුදල් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරිම, රෝගියෙකු ප්‍රතිකාර ලබාගත් පසු එම රෝගියා අදාල රට තුළ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ආකාරයට භාරදීම සඳහා ඒ රටවලට අනන්‍ය වූ අකාරයට අවශ්‍ය ලෙස අපගේ ක්‍රමවේදයන් සකස් විය යුතුය. දේශාටන් වෛද්‍යවේදය කියන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය ව්‍යාපාරයක් එය අප ලාභ ලැබීමට නම් ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි සකස් කරගන්න වෙනවා. මෙය බොහොමයක් රටවල පෞද්ගලික අංශයෙන් මගෙන් සිදු කරන ව්‍යාපාර, රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉතාමත් අඩුයි. රාජ්‍යා අංශ සිදු කරන්නේ නියාමනය. ශ්‍රී ලංකාව තුළ රජයේ රෝහල් තුළ සිදුකිරීම අපහසුයි. ඒ වගේම දේශීය වෙදකම තුළ සිදු කරන ප්‍රතිකාරවල සුව කිරීමේ ප්‍රතිඵල දත්ත සහ නිරවද්‍යභාවයන් පෙන්වීම නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට සිද්ධ වෙනවා. එසේ නොමැති උනොත් මෙඩිකල් ටුවරිසම් දීර්ඝ කාලීනව පවත්වා ගැනීම අපොහොසත් වෙන්න පුළුවන්.

වෛද්‍ය ප්‍රසාද් හෙරත්
උප සභාපති – සායනික සංචාරණ වෛද්‍ය සංගමය.














