• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඔ‌බේ අදහස් කියන්න

31 July 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් විද්වත් පාර්ශ්වය විසින් ලබාදෙන යෝජනා බෙහෙවින් වැදගත් වන බවත්, රටේ අනාගත පරපුර අධ්‍යාපනය තුළින් හැඩගැස්වීම වෙනුවෙන් අලුතින් සිතන, වෙනස්ව සිතන, බොහෝ දෙනෙක් සිටින බවත්, එම අදහස්, යෝජනා තමන් වෙත හැකි ඉක්මණින් ලබාදෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පවත්වන ලද බුත්සරණ කෘතිය එළිදැක්වීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සිය ප්‍රමුඛ කාර්යයක් ලෙස ක්‍රියාවට නංවනු ලබන සාහිත්‍යමය වටිනාකමින් යුත් පැරණි සම්භාව්‍ය කෘති සංස්කරණය කොට ප්‍රකාශයට පත්කිරීමේ ව්‍යාපෘතිය යටතේ ‍ මෙම කෘතිය එළිදැක්වීමට ද කටයුතු කර තිබේ.

මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ, “මේ කටයුත්ත අනාගතයට පැරණි වටිනා ග්‍රන්ථ දායාද කිරීමක් ලෙසයි අපි දකින්නෙ. මහා වංශය, ඇතුළු තවත් ග්‍රන්ථ ගණනාවක් ම මේ ආයතනය විසින් සංස්කරණය කරල පැවරුවා. මම නම් බලාපොරොත්තු වෙන්නෙ මෙතැනින් නවතින්න හොඳ නෑ. තවත් කොතෙකුත් ඇති මෙවැනි කෘති. සිංහල කෘති දෙමළ භාෂාවටත් දෙමළ කෘති සිංහල භාෂාවටත්, පරිවර්තනය කරමු කියල මම අපේ පුස්තකාල මණ්ඩලේ සභාපතිතුමාට කිව්වා. සාහිත්‍ය ග්‍රන්ථ පරිවර්තනය කරනවා නම් කවර ග්‍රන්ථ ද කොපමණ තියෙනව ද මුල්‍යමය වශයෙන් කොපමණ යනවද ආදී වශයෙන් තොරතුරු මට ඉක්මණින් ලබාදෙන්න. මුද්‍රණ සංස්ථාව අපේ යටතේ තියෙන නිසා මුද්‍රණ පිරිවැය පමණක් දරලා අපට ඒක කරගන්න හැකිවේවි. තවත් මෙවැනි ‍කළ යුතු දේ කියන්න. ඉක්මණින් අපට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමට මේ වනවිට අදාළ පියවර ගෙන ඇති බව ද ,රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් ලෙස සලකා, වැයවන වියදම ගැන නොසිතා කළ යුතු වෙනස්කම් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකරන්නට නොපැකිළී ඉදිරිපත්වන බව ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. පොතපතට දරුවන් වැඩි වැඩියෙන් ඇබ්බැහි කරමින් කියවීමට දිරිගැන්වීම වෙනුවෙන් කළන මිතුරු-පොත් සුමිතුරු නමින් කියවීම් ප්‍රවර්ධන වැඩසටහනක් පාසල් දරුවන් වෙත හඳුන්වා දුන් බව ද, මේ වෙනුවෙන් රුපියල් මිලියන 700ක් ‍පාසල් පුස්තකාල පොත් මිළ දී ගැනීම සඳහා ලබාදුන් බව ද, වැඩියෙන් ම පොත් කියවන දරුවන් 1000ක් මේ වසරේ දී ඒ අනුව ඇගයීමට ලක් කරන බවද, ඒ අතරින් විශිෂ්ටයින් 100ක් තෝරාගෙන ඔවුන්ට චීන අධ්‍යයන සංචාරයකට අවස්ථාව සලසා දීමට කටයුතු යොදා ඇති බවයි.
පාසල් විෂය මාලා සම්පාදන කටයුතුවල දී කළ යුතු වෙනස් කම් සිදුකිරීමට හැකිතරම් රටේ විවිධ ක්ෂේත්‍රවල සිටින විද්වතුන් සම්බන්ධ කරගන්නා ලෙසත්, වැඩිපුර කල් නොදමා, අලුතින් සිතා අවශ්‍ය කටයුතු ක්‍රියාවට නංවන ලෙසත් අවධාරණය කළේ ය ” යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන, සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස, සම්මානිත මහාචාර්ය ජේ. බී දිසානායක, විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු විද්වතුන් රැසක්, මේ අවස්ථාවට එක්වූහ.

Post Views: 3
Previous Post

ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමකින් තොරව මත්පැන් අලෙවි කිරීම තහනම්

Next Post

රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඔ‌බේ අදහස් කියන්න

editor

editor

Next Post

රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඔ‌බේ අදහස් කියන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved