• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට දැන් සංවර්ධනය වෙලා .. මින් පස්සේ වෙන රටකට අපව පසුකරන්න දෙන්නේ නෑ – අගමැති

1 April 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අවලාද හා අපහස මධ්‍යයේ විවිධ අභියෝගවලට මුහුණදෙමින් දුෂ්කර මාවතක් ඔස්සේ ආණ්ඩුව සියලූ කැපකිරීම් කර ඉදිරියට පැමිණියේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්‍ෂිත කර දීම සඳහා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 30 වනදා වැනිදා හම්බන්තොට, වීරවිල පැවැති ජාතික යොවුන් පුරය සමාප්ති උළෙලේදීය.

අතීතයේ ශ්‍රී ලංකාවට පිටුපසින් සිටි රටවල් වර්තමානය වන විට සංවර්ධනවී ඉදිරියට පැමිණ තිබෙන බවත් ඒ තත්වය වෙනස් කොට මින් මතු වෙනත් රටකට අපව පසුකොට ඉදිරියට යෑමට ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

දස වැනි යොවුන් පුරය වීරවිල පශු සම්පත් භූමියේ පැවැති අතර, ඊට රටේ සියලුම දිස්ත්‍රික් නියෝජනය කරමින් තරුණ තරුණියෝ 8000 ක් පමණ පැමිණ සිටියහ.

29 සහ 30 යන දිනවල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති යොවුන් කඳවුරුවලට ගොස් තරුණ තරුණියන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බලමින් ඔවුන් සමඟ සුහඳ හා මිත්‍රශීලීව කටයුතු කිරීම බොහෝදෙනෙක්ගේ පැසසුමට ලක් විය.

ජාතික යොවුන් පුරය සමාප්ති උළෙල අමතා තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

” චෝදනාවන්ට ලක්වෙමින්, විවේචන භාර ගනිමින්, මඩ ගැසීම්, පරාජය ආදියට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. ඔබට අනාගතයක් නිර්මාණය කිරීමට නම් බිය නැතිව ජනතාවට නිවැරදි දේ පවසමින් නිවැරදි මාර්ගයේ ගමන් කළ යුතුව තිබුණා. අප දියුණු වන්නේ ඒ ආකාරයට පමණක් බව අප එදා අවබෝධ කර ගත්තා. එක් මොහොතක හෝ අප ගෙන ආ වැඩසටහන් නතර කළා නම් අද මෙම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපට අවශ්‍ය ඔබේ අනාගතය ආරක්‍ෂා කරමින් ඉදිරියට යාමයි.

ඒ වෙනුවෙන් අප සියලූ දෙනා එකට එකතු විය යුතුයි. තරුණ ඔබ සවිබල ගැන්විය යුතුයි. අපේ අයවැය හරහා තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ඔබට ණය ලබා දීමට කටයුතු කර තිබෙනවා. අප්‍රේල් මස 05 වනදා අය වැය සම්මත වන විට එම ණය සහන ඔබට ලබා දීම අපි ආරම්භ කරනවා. තරුණ සේවා සභාව, යෞවන සමාජ හරහා ණය ඉල්ලීම පිළිබඳව ඔබව දැනුම්වත් කරනවා. ඒ සඳහා රජයේ බැංකු, මුදල් අමාත්‍යංශය වගේ අමාත්‍යංශයේ ස්වයං රැකියා ඒකකය ආදී සියලූ ආයතන එකට එක්වෙනවා. එම ණය පහසුකම් ඔබට මැයි මාසයේ සිට භුක්තිවිඳීමට අවස්ථාව සලසා දෙනවා.

තරුණ කමේ අදහස් මතු වෙන ස්ථානය මෙයයි මෙය අප ඉදිරියට ගෙන යමු. මින් පසු වෙනත් රටකට දෙවැනි නොවීමටත් අපේ තරුණ පරපුර වෙනුවෙන් හොඳ අනාගතයක් නිර්මාණය කිරීමටත් සුරක්‍ෂිත සැප පහසු ජීවිතයක් ඇති කර ගැනීමටත් අප තීරණය කර ගත යුතුයි. එම වැඩසටහන ඉදිරියට ගෙන යාම ඔබට භාර දෙන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, දකුණු පළාත් සභා විපක්‍ෂනායක එස්. තෙන්නකෝන් නිලමේ, තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

Post Views: 0
Previous Post

මොන අභියෝග ආවත් මේ සටන අවසන් කරන බව ජනපති කියයි

Next Post

පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය විපක්ෂය කැඩුවා – අමාත්‍ය ලක්ෂ්මන් කියයි

editor

editor

Next Post

පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය විපක්ෂය කැඩුවා - අමාත්‍ය ලක්ෂ්මන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved