• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට විරුවන්ට දුන් විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර අවභාවිත කළ හැටි මෙන්න

12 December 2024
in දේශීය
රට විරුවන්ට දුන් විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර අවභාවිත කළ හැටි මෙන්න
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රට විරුවන්ට බදු නිදහස්ව විද්‍යුත් වාහන 510 ක් ආනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන1384 ක බදු ආදායමක් අහිමි වෙලා

රට නොගිය අයටත් බලපත්‍ර දීලා 

අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් බලය හා යෝජනාව  අවභාවිතා කරලා 

යෝජනාවේ මුවාවෙන් වාහන ගෙන්වා විකිණීමේ ව්‍යාපාරයක් කරලා 

තවත් අක්‍රමිකතා රැසක් විගණනයෙන් හෙළිවෙයි

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් එවනු ලබන විදේශ ප්‍රේෂණ මත බදු නිදහස්ව පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට  ක්‍රියාත්මක කළ යෝජනාව යටතේ  නිකුත් කළ වලංගු බලපත්‍ර 1000 ක් අතරින් ආනයනය කරන ලද විද්‍යුත් වාහන 510 ක් වෙනුවෙන් පමණක්  සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන හයේ සිට දොළහ දක්වා ඉහළ දැමීමෙන් අයකර ගැනීමට හැකිව තිබූ රුපියල් මිලියන 1384 ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

එමෙන්ම මෙම වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන්  පත්කල කමිටු නිර්දේශ හා චක්‍රලේඛවල   මූලික  ප්‍රතිපත්තිමය කරුණු හතරක් ඇතුළු නිර්දේශ උල්ලංඝනය කරමින් එවකට  විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නිලධාරීන් පිරිසක්  සිය අධිකාරි   බලය අවභාවිතා කරමින්  කටයුතු කිරීම නිසා මෙම වැඩ සටහන විනිවිද බවින් තොරව සිදුකර ඇති ව්‍යාපාරයක් බවට පත්වී ඇතැයිද විගණන කාර්යාලය අනාවරණය කරයි.

විගණන කාර්යාලය මේ බව අනාවරණය කරනුයේ  2022.05.01 සිට 2023.09.15 දක්වා වන පරිදි  ක්‍රියාත්මක කළ මෙම  යෝජනාව පිලිබඳව  විගණන කාර්යාලය නිකුත් කල විශේෂ  විගණන වාර්තාව මගිනි.

මෙම යෝජනා ක්‍රමය යටතේ 2022.09.22 සිට 2024.06.30 දක්වා බලපත්‍ර 1077 ක් නිකුත් කර එයින් 77 ක් පසුව අවලංගු කර තිබේ.වලංගු බලපත්  1000 න් 510 ක් මගින් පමණක්  විද්‍යුත් වාහන ආනයනය කර ඒ වන විට එයින් වාහන  375 ක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ඇති බවත් එම  බලපත්‍රලාභීන් ගෙන්  2024.06.30   දිනට   ඇමෙරිකන් ඩොලර් 121,505,640 ක් වූ විදේශ මුදල් ප්‍රේෂණ මෙරට බැංකු ගිනුම් වෙත ලැබී   ඩොලර් 24 ,100  ,759 ක මුදලක් වාහන ආනයනය වෙනුවෙන්     විදේශ රටවල් වෙත  ප්‍රේෂණ ලෙස  යවා ඇති බව විගණනයෙන් පෙන්වා දෙයි.

පිරිවැය මිල  ,රක්ෂණ හා ගැල්කුලී (මි.ර.ගැ- CIF)  මිල  මත හා  බදු නිදහස්  පදනම මත නව  වාහන ආනයන කිරීම වෙනුවෙන්   මෙම බලපත් නිකුත් කිරීමේ කටයුතු සියල්ලම විදේශ රැකියා අමාත්‍යාංශයේ  ලේකම් ඇතුළු  නිලධාරීන් කීප දෙනෙකු විසින් අක්‍රමවත් ලෙස විනිවිද බවින් තොරව හා අධිකාරි බලය අවභාවිතා කරමින්  සිදුකර ඇති බවද විගණනයෙන් පෙන්වා දී තිබේ.

මෙම බලපත්  ලබා ගැනීමට 2022.05.01 සිට 2023 .0 9.15 දක්වා විදේශ රැකියාවක නිරත විය යුතු වුවත් එසේ නොවූ පුද්ගලයන්  හතර දෙනෙකුට නීති රීති  නොසලකා  බලපත් නිකුත් කර ඇති බවද    ඔවුන් හතර දෙනාගෙන් ඇමෙරිකානු  ඩොලර් 445,942 ක ප්‍රේෂණ බැංකු ගිණුම් වෙත   ලැබී  තිබූ බවද විගණනය කියයි.

එමෙන්ම බලපත් නිකුත් කිරීමේ සුදුසුකම සඳහා විදේශගතව සිටිය යුතු කාලය පිළිබඳව නිශ්චිත තීරණයක් නොමැති වීමෙන්   මෙරටට  ප්‍රේෂණ  එවූ කාල සීමාව   තුළ  කිහිප වතාවක් විදේශගතවූ 404 දෙනෙකුටද  ,දින  තුනේ සිට  මාස තුනක් දක්වා එක් වරක්  පමණක්  විදේශ ගතවූ 15 දෙනෙකුටද බලපත් නිකුත් කර ඇතැයිද   එක් බලපත් අංකයක් යටතේ  විගමනිකයන් දෙදෙනාට බැගින් බලපත් නිකුත් කිරීමේ අවස්ථා  11 ක් අනාවරණය වූ බවත්
නිකුත්කළ  බලපත් අතරින්  30 ක් පිළිබඳව  බලපත් අංකය පමණක් සටහන් වී ඇති අතර වෙනත් කිසිදු තොරතුරක් නොමැති බවද විගණනයෙන් පෙන්වා දෙයි.

විගමණිකයන් එවා ඇති  මුදල්  මුදල් විශුද්ධිකරණය මගින් හෝ අනීතිකව එවූ මුදල් බවට  කිසිදු තහවුරුවක්  කරගෙන නැත කුමන හෝ ක්‍රමයකින් ප්‍රේෂණ ලැබීම පදනම් කරගෙන මෙම බලපත් දීමට අවධානය යොමුකර  ඇතිබව  පෙනීගිය බව  විගණනය කියයි.

මෙම බලපත් මත වාහන ආනයනය සඳහා ලියාපදිංචි කරගෙන තිබූ ආයතන අතුරින් ආයතන දෙකකින් නීතිමය නිර්දේශවලින් තොරව  බලපත්‍රලාභීන්  640 කට වාහන ආනයන පහසුකම්  සැපයීමට තීරණය වී තිබුනත් වෙනත් පාර්ශව විසින් වාහන ආනයනය කර තිබූ බවද හෙළිවී තිබේ.

මෙම ක්‍රියාවලියේදී බලපත් ලබාදීම සඳහා භාණ්ඩාගාරයේ හා අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය අනුව ලබාදිය යුතු  බලය  අපනයන පාලකවරයාට පැවරීමකින් තොරව අමාත්‍යාංශයේ ලේකම් විසින් පවරාගෙන  යහපත් පාලන ක්‍රමවේද රහිතව තම    අධිකාරි බලය අවභාවිතා කර ඇති බවද විගණනයෙන් අනාවරණය කර තිබේ.

ආනයනය කළ වාහනවල (මි.ර.ගැ)මිලෙන් සියයට10 ක  පැවරුම් බද්දක් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට  ගෙවා  වාහන තෙවන පාර්ශවයකට  පැවරීමට  හා බලපත් ලාභීන්ගේ ගිනුම්වලට පරිබාහිරව වෙනත් ගිනුම් මගින්ද  ආනයන  පිරිවැය දැරීමට හැකි පරිදි නීති සකසාගෙන  2024 ජනවාරි සිට ජුනි දක්වා බලපත් මගින් වාහන 341 ක් ආනයනය කර එයින්  84 ක් එලෙස  පවරා දීමෙන් යෝජනා ක්‍රමයේ අරමුණු පසෙකලා  බදු නිදහස් පදනම යටතේ මෙය  වාහන ගෙන්වා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් බවට පත්වී තිබූ බව විගණන වාර්තාවෙන් පෙන්වා දෙයි.

මෙම බලපත් අතරින්  විගණනයට  ඉදිරිපත් නොවූ බලපත් 64 ක් විගණකාධිපති වෙත පරීක්ෂා කිරීමට ඉදිරිපත් කර ගැටලුකාරී බලපත් වහාම අවලංගු  කර ඒ බව  අදාළ පුද්ගලයන්ට හා  ආයතන වලට  දැනුම් දෙන ලෙසද  විගණනයෙන්  නිර්දේශ කර තිබේ.
මෙය ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවයෙන්  සහ අභ්‍යන්තර යහපාලන ක්‍රමවේදයන් නොසලකා කටයුතු කරමින් යෝජනා ක්‍රමය අවභාවිතා කර ඇතිබව නිගමනයකරන බව  විගණකාධිපති ඩබ්ලිව් .පී.සී වික්‍රමරත්න මහතා සඳහන් කර තිබේ.

මෙහි සඳහන් අනීතික හා අවභාවිතා ක්‍රියා  සිදුකළ  අදාළ බලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් විදේශගතවූ බවට තහවුරු කර නොගෙන බලපත් නිකුත් කිරීම ගැන වැඩිදුර පරීක්ෂා කර අක්‍රමිකතා සිදුව  ඇත්නම් වගකිවයුතු  පාර්ශවයන්ට එරෙහිව  නෛතික ක්‍රියාමාර්ග ගැනීම හා රජයට සිදුව ඇති අලාභයන් අයකරගැනීමට ක්‍රියාමාර්ග ගැනීමට විගණන නිර්දේශ ලබාදී ඇත.

එමෙන්ම  බලපත්‍රලාභීන්  බැංකු ගිනුම්වලට එවූ ප්‍රේෂණ  මුදල් විශුද්ධිකරණයෙන්  හෝ වෙනත් අක්‍රමිකතා  මගින් සිදුව තිබේද යන්න තහවුරු කර  ගැනීමට ප්‍රතික්ෂේප කළ  බලපත්‍රද  ඇතුළුව නිකුත් කල බලපත්‍ර 1077 ටම අදාළව  බැංකු  ගිනුම් තොරතුරු  මහ බැංකුවේ  මූල්‍ය බුද්ධි අංශය මගින් පරීක්ෂා කිරීම ඇතුළු නිර්දේශ 10 ක්  විගණනයෙන්   ලබා දී තිබේ.

Post Views: 15
Previous Post

බටහිර පර්යන්තයට ඇමෙරිකාවේ ණය එපා යැයි අදානි සමූහය කියයි

Next Post

ඛණිජ තෙල් නිෂ්පාදන බද්දෙන් රු. බි. 139ක ආදායමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඛණිජ තෙල් නිෂ්පාදන බද්දෙන් රු. බි. 139ක ආදායමක්

ඛණිජ තෙල් නිෂ්පාදන බද්දෙන් රු. බි. 139ක ආදායමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved