දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සහ රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ සියලු නිලධාරීන් තම දිනක වැටුප පරිත්‍යාග කර තිබෙනවා.
ඒ අනුව එකතු වූ රුපියල් මිලියන 50 ක මුදලට අදාළ චෙක්පත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊයේ (06) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත නිල වශයෙන් භාර දි තිබෙනවා.














