• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘රත්නපුර සමන් දේවාලයේ ඇත් දළ ජෝඩු 2ක් අතුරුදන්’: බෞද්ධ කටයුතු නි. කොමසාරිස්ගෙන් පොලිසියට පැමිණිල්ලක්

22 January 2025
in දේශීය, පුවත්
‘රත්නපුර සමන් දේවාලයේ ඇත් දළ ජෝඩු 2ක් අතුරුදන්’: බෞද්ධ කටයුතු නි. කොමසාරිස්ගෙන් පොලිසියට පැමිණිල්ලක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

සබරගමුව මහ සමන් දේවාලයේ සිදුකළ විගනණයකින් හෙළි වූ තොරතුරු මත ඇත් දළ ජෝඩු දෙකක් අස්ථානගත වීම ඇතුළු කරුණු හතරක් සම්බන්ධව නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස් රත්නපුර පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

සබරගමුව මහ සමන් දේවාලයේ 2024.12.1 දින සිදුකළ විගණනයකින් අඩි 4කට වඩා දිගැති ඇත් දළ ජෝඩු දෙකක් අස්ථානගත වීම ඇතුළු දේවාලයේ රන්, රිදී, මුතු, මැණික් තැන්පත් කර ඇති සේප්පු දෙකේ යතුරු අස්ථානගතවීම, වාර්ෂික හා අර්ධ වාර්ෂික ආදායම් වියදම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් නොකිරීම, දේවාලය සතු නින්දගම් ඉඩම්වල පතල් කැපීම සඳහා ඉඩම් බදු දීම හා බලපත්‍ර ලබා දීම සම්බන්ධව නිසි ලිපි ගොනුවක් පවත්වා නොගැනීම යන කරුණු හතරක් සම්බන්ධව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් 2025.01.20 දිනැති ලිඛිත නියෝගයකට අනුව 1931 අංක 19 දරන විහාර දේවාල ආඥා පනත යටතේ අංක 32 වගන්තියට ප්‍රාකාරව රත්නපුර නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් රත්නපුර පොලිසියේ විශේෂ බරපතළ වංචා දූෂණ විමර්ශන අංශයට ඉකුත් 20 වන දින පස්වරු 5.00ට පමණ මෙම පැමිණිල්ල කර ඇත.

1931 අංක 19 දරන විහාර දේවාල ආඥා පනතේ නිසි බලධරයා ලෙස කටයුතු කරන බෞද්ධ කටුයුතු ජනරාල් කොමසාරිස්වරයා විසින් එවා තිබූ ලිපියකට අනුව රත්නපුර නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් සිදුකළ මෙම පැමිණිල්ලට අනුව රත්නපුර පොලිසියේ විශේෂ බරපතළ වංචා දූෂණ විමර්ශන අංශය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනුව හිටපු බස්නායක නිලමේවරයාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීමට නියමිතය.

අවස්ථා දෙකකදී පැවති පසුගිය රජය මගින් හිටපු බස්නායක නිලමේවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීමට කටයුතු කර තිබුණත් වත්මන් රජය මගින් 2024.12.31 වන දිනෙන් හිටපු බස්නායක නිලමේවරයාගේ ධූර කාලය අවසන් කර වැඩ බැලීම සඳහා භාරකාර නිලමේවරයෙකු පත්කිරීමට කටයුතු කෙරිණි.

මේ වන විට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරි වසර පහේ ධූර කාලය සඳහා නව බස්නායක නිලමේවරයෙකු තෝරා පත්කිරීමේ නිලවරණය 2025.02.11 වන දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එම නිලවරණය සඳහා මෙවැනි ප්‍රබල චරිත රැසක් ඉදිරිපත් වීමට සූදානම් වන බවට ද තොරතුරු ලැබී ඇත.

මේ සම්බන්ධව හිටපු බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර බණ්ඩාරගෙන් විමසීමක් කළ අතර ඒ සම්බන්ධව ඔහු මෙසේ පැවැසීය.

“ඔය කියන ඇත් දළ තිබෙන දේවාලයේ ඇතුල්කට්ටුවේ උඩ හඳුන්කූඩුව තිබෙන ස්ථානයේ යතුරු භාරව සිටින්නේ කපු මහත්වරු. ඉදිරියෙන් පොලිස් මුරපොළ පිහිටා තිබෙනවා. එහි අවශ්‍ය ආරක්ෂාවත් තිබෙනවා. ඇත් දළ නැතිවීම සම්බන්ධව මම දන්නේ නෑ. අර්ධ වාර්ෂික වාර්තා සියල්ල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා. සේප්පු දෙකේ යතුරුත් මට භාර දී නෑ. මගේ පාලන කාලය තුළ ඔය කියන සේප්පු විවෘත කර නෑ.”

Post Views: 17
Previous Post

ජනවාරි අස්වැසුම අද ගිණුම්වලට

Next Post

සෞඛ්‍යයට – ජනමාධ්‍යයට සහය දෙන බව ජුලී චංග් කියයි

Editor TTV News

Editor TTV News

Next Post
සෞඛ්‍යයට – ජනමාධ්‍යයට සහය දෙන බව ජුලී චංග් කියයි

සෞඛ්‍යයට - ජනමාධ්‍යයට සහය දෙන බව ජුලී චංග් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved