වැසි තත්ත්වය අඩුවීම නිසා නායයෑම් පිළිබඳ රතු නිවේදන ඉවත් කර ඇතත්, එම ප්‍රදේශ තවමත් සම්පූර්ණයෙන් ආරක්ෂිත නොවන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) අවධාරණය කරයි.
නිලධාරීන් පැමිණ අදාළ ස්ථාන පරීක්ෂා කර ආරක්ෂිත බව තහවුරු කරන තුරු, ඉවත් වූ ස්ථාන කරා කිසිසේත්ම නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
විමසිලිමත් වන්න (කහ)
මහනුවර දිස්ත්‍රික්කය:
– උඩුදුම්බර
– මිණිපෙ
– මැදදුම්බර
– දොළුව
නුවරඑළිය දිස්ත්‍රික්කය:
– වලපනේ
– හගුරන්කෙත
– නිල්දණ්ඩාහින්න
– මතුරට
බදුල්ල දිස්ත්‍රික්කය:
– සොරණාතොට
– ලුණුගල
– මීගහකිවුල
කුරුණෑගල දිස්ත්‍රික්කය:
– රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය:
– රත්තොට
– අඹන්ගග කෝරළය
– උකුවෙල
– යටවත්ත
– පල්ලෙපොල













