හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබිණි .
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ටහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දුරකතන ඇමතුමක් ලබාදීමට අවශ්‍ය බව පවසා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් ලබාදීමේ සිද්ධියක් හේතුවෙන්.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිස් ස්ථානයට මාරු කර යැවීම පිලිබඳ දේශපාලන කරලියේ බොහෝ කතා බහ ඇතිවිණි .
ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වසර 23ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ සේවය කළ අතර, ඔහුගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15ක් කටයුතු කර ඇත. ඒ සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබිණි .
කෙසේ වෙතත් (01) දා සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.