• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කරලා

27 August 2025
in දේශීය, පුවත්, විශේෂාංග
රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට  ලක් කරලා
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ මල් පාර රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන කාර්යාලයේ අද (27) දින එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් එක්ව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වුවා.

එහි දී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියේ පසුගිය සතිය ශ්‍රී ලංකාවට ඓතිහාසික කළු පැල්ලමක් එල්ල වූ කාල පරිච්ඡේදයක් බවය.

ඔහු පැවසුවේ මේ හේතුවෙන් ඊයේ දිනයේ (26) දී ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙන බව.

ට්විටර් පණිවිඩය

“ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව විසින් එහි කලක් එහි උපසභාපති වරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය දැඩි කණස්සල්ල පලකොට තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය සීඝ්‍ර පිරිහීමක් දක්නට ලැබිනි. එබැවින් නිසි අධීක්ෂණයක් යටතේ ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව බන්ධනාගර රැඳවුමෙන් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා“

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, 

මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව සමාජ මාධ්‍යවල නොයෙක් අය විවිධ අදහස් ප්‍රකාශයට පත් කරනවා. මං හිතන්නෙ එතුමාගේ ජීවිතය එතුමා කළමනාකාරීත්වය කරගෙන තිබෙන්නේම යම්කිසි රටාවකට. එතකොට ඒ රටාව සමහර ව්‍යායාම තුළින් වෙන්න පුලුවන්, නියමිත වෙලාවට ආහාර ගන්නවා වෙන්න පුලුවන්. දවල් 12.30 ට මල් පාරේ වැඩ කරනවා වෙන්න පුලුවන්, පැය 2 ක් ආපසු විවේක ගන්නවා වෙන්න පුලුවන්. නැවත ආපසු 03 ට පටන් අරන් රෑ 10 ට වැඩ අවසන් කරනවා වෙන්න පුලුවන්. මෙන්න මේ ආකාරයට තමයි එතුමා එදිනෙදා වැඩකටයුතු වල නිරත වුණේ. මේ අවස්ථාවේදී එතුමාගේ ඒ රටාවට බරපතල පීඩනයක් දීලා එතුමාගේ සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කළා.
ඒ වගේම තවත් සුවිශේෂී කරුණක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අරගෙන ගියෙත් එතුමාගේ පරම්පරාවට, එහෙමත් නැතිනම් එතුමාගේ මිත්තණියට අයිතිව තිබුණු අක්කර 43 ක වැලිකඩ බන්ධනාගාර භූමියට.
ඉතින් මේ ස්ථානයට අයිතිකරුවන් වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුලු ඒ පවුලේ සාමාජිකයන්. එතකොට ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්. වැලිකඩ බන්ධනාගාරය පිහිටි පත්තිරු සටහන් මගේ ලඟ තිබෙනවා, එයින් පිටපතක් මාධ්‍යයට ලබා දෙන්නම්. එතකොට මාධ්‍යයටත් ශ්‍රී ලාංකික මහජනතාවටත් දැනගන්න පුලුවන් එවැනි පරපුරක සාමාජිකයෙකුට සිදුවූ මහා ඛේදජනක හැසිරීමක් හැටියටයි මා මේ අවස්තාව දකින්නේ.
අවසන් වශයෙන් එකක් කියන්න කැමතියි, ඇත්තටම ශ්‍රී ලාංකික සමස්ත දේශපාලන පක්ෂ, සියලු බලවේග, සමස්ත නීතීඥ ප්‍රජාව, සියලුම වෛද්‍ය කණ්ඩායම් එතුමා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම අවසානයේ එතුමාට ඇප තැබීම සඳහා වෛද්‍යවරුන් නිවාඩු දාලා උසාවි භූමියෙන් වතුර එකක් හෝ නොබී රැඳී සිටියා, අපියි එතුමාට ඇප වලට අත්සන් කරන්නෙ කියලා. වෛද්‍යවරුන්මයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ඇප අත්සන් කළේ. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවුන සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපේ පක්ෂයේ ගෞරවයත්, ස්තූතියත් මේ අවස්ථාවේදී අපි රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පුද කර සිටිනවා.

Post Views: 10
Previous Post

ආනයනික අල ළුෑණු ඉහළ යයි

Next Post

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

Editor TTV News

Editor TTV News

Next Post
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

27 August 2025
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

27 August 2025
රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට  ලක් කරලා

රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කරලා

27 August 2025
ආනයනික අල ළුෑණු ඉහළ යයි

ආනයනික අල ළුෑණු ඉහළ යයි

27 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

27 August 2025
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

27 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved