2026 නව වසර උදාවත් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
එහිදී දෙපළම නව වසරට සුබපැතුම් හුවමාරු කරගත් අතර, ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කර තිබෙන බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් විචාරකයෝ පෙන්වා දෙන්නේ මෙම සුහදතාවය ඉදිරි වසරේ නව දේශපාලන සන්ධානයක පෙරනිමිත්තක් විය හැකි බවයි.













