හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) දින කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි.
මෙහි විශේෂත්වය වන්නේ මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙයට එක්ව සිටීමයි.
රටේ පවත්නා වත්මන් තත්වය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව සිදු කල අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා,උදය ගම්මන්පිල, නිමල් ලන්සා, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, සාගල රත්නායක ඇතුලු පිරිසක් එක්ව සිට ඇත.
මෙම සාකච්ඡාව සදහා අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසා සිටියේ සාකච්ඡාව සාර්ථක බවත් සජබයේ කිසිත් පැමිණ නොසිටි බවත්ය. නමුත් ඉදිරියේ දී පවත්වනු ලබන සාකච්ඡාවට සදහා ඔවුන් එකතු වේ යැයි බලාපොරොත්තු සහගතව සිටින බවත් පවසා තිබේ. එමෙන්ම පළාත් පාලන මැතිවරණයට ඉදිරියේදී එකට එක්ව තරග කරනවාද නැතහොත් වෙන්ව තරගකරනවාද යන තීරණයත් ළගදීම ගැනිමට සිදුවන බවත් ඔහු පවසා තිබේ.
එමෙන්ම මෙම අවස්ථාවට එක් වූ නිමල් ලන්සා මහතා, පවසා සිටියේ විශේෂ සාකච්ජාවක් නොමැති බවත් එය සුහද හමුවක් බවත් හිටපු ජනාධිපතිගේ ඇරයුමක් නිසා පැමිණි බවත්ය.