• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් අඩු නොකරපු දේවල් මහින්ද අඩු කරලා

1 November 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය වසර 3ක කාලය තුල අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුලින් පිළිබිඹු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි ජනාධිපතිගේ සහ අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත. මෙම තත්වය උද්ගතවූයේ රටේ පවතින තත්වයන්ට නොගැලපෙන්නා වූ සහ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්ත වලට අහිතකර වූ පෙර පැවති රජයේ ප‍්‍රතිපත්ති වල ප‍්‍රතිඵලයක් ලෙසින් බව අග‍්‍රාමාත්‍යවරයාගේ විශ්වාසය බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අධික ජීවන වියදම මගින් පාරිභෝගිකයා මත විශාල බරක් පැටවී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා විසින් ආර්ථිකය සවිගැන්වීම සදහා පහත සදහන් මූලාරම්භයන් ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.

1. දේශීය ගොවීන් ආරක්ෂා කරන අතරතුර ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දල පරිප්පු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 5 කින් ද, කඩල සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 5 කින්ද, උදු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 25 කින්ද, අඩු කෙරේ. තිරිඟු ඇට සඳහා පැවති කිලෝග‍්‍රෑමයකට රු. 6ක් වූ තීරුබදු සහනය රු. 9 දක්වා වැඩි කෙරේ. සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අදාල කෙරෙන අතර එය කිලොග‍්‍රෑමයකට රු.10 කින් අඩු කෙරේ. ඒ අනුව අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල වහාම අඩු කෙරේ.

2. විශේෂයෙන් ප‍්‍රවාහන, කෘෂි කාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියළුම ස්ථර වල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට‍්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත‍්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත‍්‍ර සඳහා යොදා ගැනෙන 2ඔ ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද අද මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කෙරේ. ඒ සමගම ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත‍්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප‍්‍රායෝගික මිළ ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කෙරේ.

3. දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී, ළුෑණු සහ අල සඳහා සහතික මිළ ක‍්‍රම වේදයක් හඳුන්වා දේ. ඒ අනුව වාසිදායක සහතික මිලක් හරහා දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට අස්වනු නෙලන සමයේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහල නංවනු ඇත. ලොකුළුෑණු සහ අල අස්වැන්න වෙළෙඳපොලට ලැබෙමින් පවතින බැවින් ඒ මත අයවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග‍්‍රෑමයකට රු. 40ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

4. පැවති අයහපත් කාළගුණික තත්වයන් හමුවේ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට තම ජිවිකා වෘත්තිය කරගෙනයාමට නොහැකි වීමෙන් විශාල වශයෙන් ණය වීමට සිදුවු අතර පසුගිය වසර 03ක කාලය තුල වාණිජ බැංකු මගින් ලබාදුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සඳහා වූ පොළී සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙන අතර එම පිරිවැය රජය විසින් දරනු ඇත.

5. සමෘද්ධි ප‍්‍රතිිලාභීන්ට සමෘද්ධි බැංකු මඟින් එදිනෙදා කටයුතු සඳහා දෙනු ලබන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කෙරේ.

6. වී වගාව සදහා දෙනු ලබන කිලෝග‍්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වා ගෙන යන අතර අනෙකුත් භෝග සදහා කිලෝග‍්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1ල500 යේ සිට රුපියල් 1ල000 දක්වා අඩු කෙරේ.

7. 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාල වන්නේ කෘෂි කාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ් කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14%දක්වා අඩු කෙරේ.

8. මේවනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාල වන්නේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියළු තැනැත්තන්ට අදාල කෙරේ. ඒ අනුව වෘත්තීය සේවා සදහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14%දක්වා අඩු කෙරේ.

9. මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කෙරේ.

10. ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

11. එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක‍්‍ර බදු නිසා ජනතාවට ඇතිවී ඇති පීඩනය සමනය කෙරේ. වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රු. මිලියන 12 සිට රු. මිලියන 24 දක්වා වැඩි කෙරේ.

12. කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයින් සදහා සහන සලසාලමින් තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා වැඩි කෙරේ.

13. දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කෙරේ.

14. සුළු හා මධ්‍යපරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ට ප‍්‍රතිලාභ ලබාදීම සදහා ආනයනික රෙදිපිළි මත වැට් බද්ද ඉවත් කෙරේ.

15. දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ.

මෙම මූලාරම්භයන්ගේ මූලික පරමාර්ථය නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක‍්‍රමය සරළ කිරීම වේ. එය නිසැකවම අමතර ආදායමක් ඉතිරි කරමින් ගෘහස්ථ ආර්ථිකයට සහයක් වනු ඇත. බදු ක‍්‍රමය සදහා යෝජිත සංශෝධන මගින් මෙරටට කෙරෙන පේ‍්‍රෂණ සහ ඉතිරිකිරීම් දිරිගැන්වෙනු ඇත.

තවද, අඩු අමාත්‍යාංශ සංඛ්‍යාවක් තුල කැබිනට් අමාත්‍යධූර අඩු කිරීමෙන් සහ ප‍්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මගින් රජයේ වියදම් අඩු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව 2018 වර්ෂය සදහා ඉලක්ක කරන ලද ද.දේ.නිගයෙන් 1.8%ක ප‍්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය ද.දේ.නි.යෙන් 4.9% කට ආසන්න අගයක පවත්වාගෙන යමින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මුල්‍ය ඒකාග‍්‍රතාවය තවදුරටත් ලඟාකර ගතහැකි බව රජයේ දැඩි විශ්වාසයයි. මේ අතරම දැඩි අවශ්‍යතාවයක් වන විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගැනීම සඳහා මෙන්ම විදේශ වෙළඳාම සහ විදේශ වෙළඳ ගනුදෙනු තවදුරටත් ඒකාග‍්‍ර කිරීම සදහා ගතහැකි ක‍්‍රියාමාර්ග ද සලකා බලමින් පවති.
අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් ඉහත ප‍්‍රතිපත්තිමය කරුණු ක‍්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී ඇතග ඒ අනුව ඉහත කී බදු සංශෝධන යෝජනා වලට අදාල ගැසට් නිවේදන අද දින නිකුත් කර ඇති අතර, අවශ්‍ය බදු නීති සංශෝධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂිතය.

මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය
2018ග11ග01

 

 

Post Views: 4
Previous Post

මෛත්‍රි පාර්ශවයට දුන් ඇමැතිකම්

Next Post

දිපවාලියට කොස්පැල ලක්ෂ 5 රෝපණය කරයි

editor

editor

Next Post

දිපවාලියට කොස්පැල ලක්ෂ 5 රෝපණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved