එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යළි ආණ්ඩු පිහිටුවන්නේ නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසු බව ලක්ෂමන් යාපා අබේගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ඒ මහතා කියා සිටියේ.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ මහින්ද මෛත්‍රි දිග වසර 15 ක් දක්වා ඇති බවත් මේ දීගය කිසිවිටකත් කැඩෙන්නේ නැති බවයි. එසේ කැඩුණහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.