• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් තක්කඩි වැඩක් කරන බව ජවිපේ ටිල්වින් කියයි

29 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය කල්දමා හිතුවක්කාරී ලෙස කටයුතු කරන අතරේ අලුතින් තක්කඩිකමකට මුල පුරා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (29) ජනතා විමුක්ති පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් පල කලේය ” විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයකට යාම වෙනුවෙන් ජූනි 23දා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කඩිමුඩියේ පළාත් පාලන පනතේ වගන්ති සංශෝධනය කරන්න උත්සාහ කරන්නේ දැනට තිබෙන අවුරුදු හතරක ධුර කාලය විශේෂ තත්වයක් යටතේ මාස 12කින් දීර්ඝ කරන්න ඇමතිවරයාට දී තිබෙන බලතල සම්බන්ධවයි. තිබෙන පනත අනුව එසේ කළ හැකි උපරිම කාලය අවුරුදු 05යි. මේ කියන සංශෝධනය අනුව කාල සීමාවකින් තොරව දීර්ඝ කරන්නත් විසුරුණු පළාත් පාලන ආයතන නැවත කැඳවන්නත් තක්කඩි උත්සාහයක යෙදී ඉන්නවා. කලින් නම්, ඇමතිවරයාට පළාත් පාලන ආයතනයක් කල්දැමිය හැක්කේ මාස 12යි. මේ පනතේ අඩුම ගණනේ කාලසීමාවක් වත් නැහැ. “අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන යම් කාලසීමාවකට” කියලා දැක්වෙන්නේ. වුවමනානම්, මේ පනත සම්මත කරගෙන ජීවිත කාලයටම වුණත් ඇමතිවරයාගේ තීරණය අනුව කාලය කල්දමා ගන්න පුළුවන්. ඊටත් වඩා බරපතළ දේ විසුරුවා හැරි පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලයක් ඇමතිවරයාට දෙන්න සූදානම් වීමයි. 2018 පැවැත්වූ පළාත් පාලනවල නිල කාලය 2022 අවසන් වුණා. පනතට අනුව 2023 මාර්තු දක්වා අවුරුද්දකින් කල් දැමුවා. මේ නිසා මැතිවරණ නීතියට අනුව මැතිවරණ කොමිසමෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළා. නාමයෝජනා කැඳවූවා. දේශපාලන පක්ෂ නාමයෝජනා බාර දුන්නා. ඒත් රනිල් වික්‍රමසිංහ මුදල් වෙන් නොකර, මුද්‍රණාලයට බලපෑම් කර, ඡන්දය නොතියා විශේෂ කොමසාරිස්වරු යටතේ මේ ආයතන පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂයේ බිම් මට්ටමේ බලය පවත්වාගෙන ගියේ, පළාත් පාලන ආයතන යටතේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහලාට මහින්ද රාජපක්ෂලාට පරණ සභාපතිවරුන්ට සහ මන්ත්‍රීලාට නැවත පණ දෙන්න අවශ්‍ය වී තිබෙනවා. හිටපු සභාපතිලාට ආණ්ඩුකාර නියෝජිතයන් එක්ක ගැටගහලා නැවත පණ දෙන උත්සාහය පසුගිය කාලයේ තිබුණා. ඒකට මැතිවරණ කොමිසමත් රටේ ජනතාවත් විරෝධය පළ කළා. දැන් හදන්නේ මැරුණු, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට, මන්ත්‍රීලාට නැවත පණ දෙන්නයි. විසිර වූ ආයතනවලට නැවත පණ දීමේ බලය ඇමතිවරයාට දෙනවා නම්, සක්‍රදෙවියෝ වගේ වෙන්න ඕනෑ. ජනතාව තමන්ගේ පරමාධිපත්‍යයේ බලය පවරන්නේ යම් නිශ්චිත කාලයකට. පළාත් පාලන ඇමති කියලා තනි පුද්ගලයෙකුට ජනතා පරමාධිපත්‍ය බලය පවරන්න රනිල් වික්‍රමසිංහ තක්කඩි ලෙස උත්සාහ කරනවා. පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් වුණාට මෙතන තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැණි රනිල් වික්‍රමසිංහලාගේ, රාජපක්ෂලාගේ වුවමනාවක්. මේක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැණියි. මීට පෙර නඩු තීන්දුවල සඳහන් කර තිබෙනවා අවශ්‍ය නම් ජනවරම කෙටි කළ හැකි වුණත් දීර්ඝ කරන්න බැහැ කියලා. ජනතාව විසින් ගත යුතු තීරණය මේ මගින් ඇමතිවරයාට දෙන්න යනවා.

මේක අතිශය බරපතළ පිළිකුල් සහගත, ප්‍රජාතන්ත්‍ර විරෝධී තක්කඩි වුවමනාවක් වෙනුවෙන් කරන වැඩක්. රනිල් වික්‍රමසිහංට මේවා පුරුදු නැතිවා නොවේ. රනිල්ගේ මාමා ජේ.ආර්. ඉන්න කාලයේත් මේ වාගේ ගේම් ගසා තිබෙනවා. 1977 දී ලබාගත් 5/6ක බලය 1983 මහ මැතිවරණය නොතියා නැවත තියාගන්න 1982 දෙසැම්බර් මාසයේ ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තු කාලය අවුරුදු 06කින් කල්දමා ගත්තා. මේක ඉතාමත්ම නරක බරපතළ තත්වයක්. ජනතාවගේ ඡන්දය දීමේ අයිතිය විනාශ කර, එන්න යන්නේ මොකාටද කියලා අපට තේරෙනවා. ඊළඟ වාරයේ ජනාධිපති වෙන්න හීන දකින පසුගිය මැතිවරණයෙන් දිස්ත්‍රික්කයෙන් පවා පැරදුණු රනිල් වික්‍රමසිංහ දැන් රාජපක්ෂලා ලබාදුන් ජනාධිපතිකම අතේ තබාගෙන ඉන්නේ. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ඔහුගේ ජනාධිපති හීනවලට බලපානවා. මහින්ද රාජපක්ෂලාට පාර්ලිමේන්තුවේ තිබෙන ජනවරම මහ පොළොවේ නැති බවත්, රනිල් වික්‍රමසිංහට ජනවරමක් නැති බවත්, ඔප්පු වෙන නිසා, පළාත් පාලන මැතිවරණය කල්දමා තිබෙනවා.

ඊළඟ ජනාධිපති හීනයට පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය බාධාවක් වන නිසා, මැතිවරණය කල්දමලා අනිත් පැත්තෙන් පොහොට්ටුවේ උදව් ගන්න, ප්‍රාදේශීය සභාවල බලය නැවත ගොඩනඟන්නයි මේ සූදානම් වෙන්නේ. මේ පනත සම්මත කර ගන්න බැරි වුණත්, බිම්මට්ටමේ ඉන්න අයට යම් චිත්ත ධෛර්යයක් දෙන්න උත්සාහයක් මේ තුළින් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, ව්‍යවස්ථාව පැත්තකට දමලා, රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සලකන රාජපක්ෂ කණ්ඩායමේ බල ව්‍යාපෘතිය ආරක්ෂා කරගන්න ව්‍යවස්ථාමය දහංගැට මේ විදිහට ගහනවා. පළාත් පාලන ආයතන කිහිපයක හරි මැතිවරණ පවත්වා බිමේ බලයක් තිබෙන බව ඔප්පු කරන්නැයි අපි අභියෝග කරනවා. සිහි බුද්ධිය තිබෙන කෙනෙකුට මේ වගේ අදහස් ඔළුවට එන්නේ නැහැ. කවරු හරහා මේ සංශෝධනය ගේන්න උත්සාහ කළත් පිටිපස්සේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ බව අපි දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය හැටියට අපි මෙය පරාජය කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණමය ක්‍රියාමාර්ග මූලික වශයෙන් ගන්නවා. ජනතාව ලබාදුන් ජනවරමක් නැවත බිහිකරනවා නම් එය කළ හැක්කේ ජනවරමකින්ම පමණයි. මේ වගේ දේශපාලන කුපාඩිකම් කරලා බලය තහවුරු කර ගැනීමට ඉඩදිය යුතු නැහැ. මෙවැනි දේශපාලන භාවිතාවක් අපේ රටේ තිබිය යුතු නැහැ. ව්‍යවස්ථාව පැත්කට දමා, නිලධාරීන් බයකර ගත්, ඒකාධිපති භූමිකාවකට යන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා. ඔවුන් විනාශ කළ රට මූල්‍ය අරමුදලට පාවාදී තිබෙන අතර, කූට උපක්‍රම පාවිච්චි කර, තමන්ට කලින් තිබුණු බලය, දිගටම පවත්වාගෙන යන්න කරන උත්සාහය පරාජය කිරීමේ වගකීම අපට තිබෙනවා. ජාතික සම්පත් විකුණමින් දවස ගෙවා ගන්නා අතර, ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා බැංකු ටික විනාශ කරන්න හදනවා. ජනතාවගේ විශ්‍රාම වැටුප් අරමුදල්, කපාහැරීමටත් උත්සාහ කරනවා. එක පවුලකගේ, පංතියකගේ බලය රැකගන්න ගේන මේ තත්කඩි වුවමනාව පරාජය කර, රනිල් වික්‍රමසිංහ යන්න උත්සාහ කරන ඒකාධිපති ගමන පරාජය කරනවා. දේශපාලනයේ යථාර්ථයට ජනතාවගේ කැමැත්තට ඉඩනොදී ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලයේ ඉන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා නම්, ඉතිහාසය කියවා ගන්න කියලා අවධාරණය කරනවා. එවැනි සෑම පාලකයෙක්ම ජනතාව විසින් බිමට දැමූ ඉතිහාසයක් තිබෙන්නේ. කල්දමා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබාගන්න අපි කවුරුත් එකතු වෙමු කියන ඉල්ලීම කරනවා යැයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

දැනට පවතින සේවක අර්ථසාධක අරමුදල්වලට අත නොතබන බවට මහ බැංකු අධිපතිගෙන් සහතිකයක්

Next Post

“අස්වැසුම” ප්‍රතිලාභ ගන්න මිලියන 3 කට අයදුම්පත් – ජනාධිපති මාධ්‍ය අංශය

editor

editor

Next Post

“අස්වැසුම” ප්‍රතිලාභ ගන්න මිලියන 3 කට අයදුම්පත් - ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

3 July 2025
මර්වින්ට ඇප ලැබෙයි

මර්වින්ට ඇප ලැබෙයි

3 July 2025
ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025

Recent News

අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

3 July 2025
මර්වින්ට ඇප ලැබෙයි

මර්වින්ට ඇප ලැබෙයි

3 July 2025
ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

3 July 2025
මර්වින්ට ඇප ලැබෙයි

මර්වින්ට ඇප ලැබෙයි

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved