ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.
කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී යි මෙම හමුව පවත්වා ඇති අතර චීන තානාපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව පවත්වා තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි නිල නිවසිම් නික්ම යාමේ අවස්ථාවේදී ද චීන තාතාපතිවරයා සාකච්ඡාවක් පවත්වා තිබුණා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවේ දී අවධානය යොමුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව බවයි වාර්තා වන්නේ