හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා පෙබරවාරි 14 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (06) නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු අතර ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 14 වැනිදාට නියම විය.
2016 වසරේදී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් නමට ලබාගෙන තිබූ “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” නිවසක පදිංචිව සිටීමෙන් අල්ලස් පනත උල්ලංඝනය කළ බවට රවී කරුණායක මහතාටත්, ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් මහතාටත් එරෙහිව මෙම නඩුව පවරා ඇත.














