ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි ධම්ම සරණ විහාරයේ විහාරාධිපති නාඔටුන්නේ විජිත හිමි, බාලවයස්කාර ගැහැණු ළමුන් 6 දෙනෙකුට එරෙහිව ලිංගික අපරාධ සිදු කළ බවට අධිකරණය විසින් වරදකරු ලෙස තීන්දු කර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර සිටිනවා.
වසර 30කට පෙර සිදුවූ බවට කියැවෙන මෙම සිද්ධි සම්බන්ධයෙන් චෝදනා 17කට හිමියන් වරදකරු වී ඇති බව ABC ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ,
මෙම තීන්දුව 2025 ඔක්තෝබර් 30 දින වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණයේ ජූරි සභාවක් විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර වයස අවුරුදු 70ක් පමණ වන නාඔටුන්නේ විජිත හිමියන්ට අවුරුදු 10කට වැඩි සිර දඬුවමක් නියම වීමට ඉඩ ඇතැයි වාර්තා වනවා.
1994 සිට 2002 දක්වා කාලය තුළදී, හිමියන් විසින් රසකැවිලි ලබාදී බාලවයස්කාර දැරියන් තම ආවාසවලට ගෙන්වා ගෙන අශෝභන ක්‍රියාවල නිරත වූ බව චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අතර, අවුරුදු 16ට අඩු දරුවන් සමග ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් චෝදනා 8ක් සහ අශෝභන ක්‍රියා 9ක් සම්බන්ධයෙන්ද ඔහු වරදකරු බව තීන්දු කර තිබෙනවා.
 
			 
                                
 
                                
 
							












