විවේකයක් නොමැතිව දිගින් දිගටම රාජකාරි කටයුතුවල යෙදවීම නිසා ඇති වූ දැඩි මානසික පීඩනය හේතුවෙන් අලුත්ගම පොලිස් ස්ථානයේ සේවය කළ කොස්තාපල්වරයෙකු අද (07) දහවල් පොලිසියෙන් පිටව ගොස් තිබේ. මාතර, කැකනදුර ප්‍රදේශයේ පදිංචි මෙම නිලධාරියා අලුත්ගම පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කළ අයෙකි. තමන්ට විවේකයක් නොමැතිව රාජකාරි පැවරීම නිසා තවදුරටත් සේවය කිරීමට නොහැකි බවට පොලිස් තොරතුරු සටහන් පොතේ විශේෂ සටහනක් තැබූ ඔහු, සිය පෞද්ගලික බඩුබාහිරාදිය ද රැගෙන පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.














