රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් අද 12 දහවල් කොළඹ ලේ හවුස් වටරවම ඉදිරිපිට දී විරෝධතාවක නිරතවුනා
මෙම බැංකු සේවක සංගමයේ විරෝධතාවය හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා තිබෙනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි පොලීසිය පැවසුවේ.
ප්‍රධාන රාජ්‍ය බැංකු තුනෙහි වාර්ෂික දිරි දීමනා සහ ප්‍රසාද දීමනා වලට අසාධාරණ ලෙස සීමා පැනවීම සහ ඒවා මත අධික බදු පැනවීම , විශ්‍රාමය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ඉදිරිපත් නොකිරීම….RDB/HDFC/SMIB බැංකුවල ගැටලු වලට විසඳුම් නොලැබීම ඇතුළු රාජ්‍ය බැංකු සියල්ලෙම නොමිසදුන අර්බුදවලට එරෙහි වෙමින් මෙම අර්බුදය පවත්වා තිබුණා.
විරෝධතාවෙන් අනතුරුව ඔවුන් පාගමනින් මුදල් අමාත්‍යාංශයට සංදේශයක් භාරදීමට යාමේදී පොලිසිය විසින් ඔවුන් ලෝටස් පාරේදි නතර කරනු ලැබුවා
කෙසේ වෙතත් ඔවුන් කියා සිටියේ විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව අරගල කරන ලෙසයි