රජයේ සේවය ශක්තිමත් කිරීම සඳහා අලුතින් 26,095 දෙනෙකු බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළේය.
මෙම බඳවා ගැනීම්වල විශේෂත්වය වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වැඩිම අවධානයක් යොමු කර තිබීමයි.
මෙම සමස්ත බඳවා ගැනීම් තුළින් ගුරු සේවයට පමණක් 23,344, බදවා ගැනීමට නියමිතයි.














