හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (12) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් මොහුව නම් කර තිබුණා.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා මෙම මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.