8 September 2024
#දේශීය #පුවත්

රැඳවියකු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට පහර දීල

මිනීමැරුම් චෝදනා මත දුම්බර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියකු වෙනත් නඩුවකට අදාළව මඩකලපුව අධිකරණයට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට පහර දී බරපතළ තුවාල සිදු කර තිබේ.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ නිලධාරීන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙම රැඳවියා දුම්බර බන්ධනාගාරයේ සිට මහියංගන මාර්ගය ඔස්සේ මඩකලපුව දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී ආක්‍රමණශීලී වී ජේලර්වරයාට සහ බන්ධනාගාර නියාමකවරයාට පහර දීම සිදුකර ඇත.

මේ නිසා බන්ධනාගාර බස් රථය දුම්බර බන්ධනාගාරය වෙත ආපසු ගොස් එහි සිටි නිලධාරීන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

රැඳවියා දැඩි රැකවල් මැද මඩකලපුව අධිකරණය වෙත රැගෙන ගොස් තිබිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *