ව්‍යාජ ලෙස සකස් කරන ලද PDF ගොනුවක් විද්‍යුත් තැපැල් හා WhatsApp මගින් මේ දිනවල සංසරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබේ.
මෙම PDF ගොනුව වැඩබලන පොලිස්පතිතුමාගේ නම සඳහන් කරමින් සකසා ඇත.
මෙවැනි විද්‍යුත් ලිපිනයන් මඟින් යොමු කරන පණිවිඩ කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් හෝ වැඩබලන පොලිස්පතිතුමා විසින් යොමු කරන ලද පණිවිඩ නොවන බව පොලිසිය විසින් මහජනතාව වෙත දැනුවත් කර තිබේ.
අදාල විද්‍යුත් තැපැල් ලිපිනයන් පහතින්.
[email protected]
[email protected]
[email protected]
[email protected]
[email protected]
[email protected]
කෙසේනමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට දැනුම් දී ඇත්තේ අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විර්මශන ආරම්භ කර ඇති බවත්ය.