• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රිචඩ් ඝාතනයට වසර 35 යි

18 February 2025
in දේශීය, විශේෂාංග
රිචඩ් ඝාතනයට වසර 35 යි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

අදින් වසර 35 කට පෙර 1990 පෙබරවාරි 18 වෙනිදා අලුයම 3.30 ට පමණ සිය මවත් සමඟ පදිංචි වී සිටි වැලිකඩවත්ත නිවාස සංකීර්ණයේ නිවසට කඩා වදින කණ්ඩායමක් විසින් රිචඩ් මනික් ද සොයිසා හෙවත් අදටත් බොහෝ දෙනා දන්නා රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් තිබිණි. රිචඩ් පැහැරගෙන යන විට ඔහුගේ වයස අවුරුදු 32කි. ඔහු උපන්නේ 1958 මාර්තු 18 වෙනිදා යි. ඒ ලූෂන් එඩ්වඩ් ද සොයිසා මහතා සහ වෛද්‍ය මනෝරානි සරවනමුත්තු මහත්මියගේ පුතු ලෙසයි.

රිචඩ් පැහැරගත් දිනට පසු දින එනම් 1990 පෙබරිවාරි මස 19 වෙනි දින ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර මොරටුව, කොරලවැල්ල වෙරළට ගොඩගසා තිබුණි. වෙරළ ආසන්නයේ තිබූ මල සිරුරක් පිළිබඳව මුල්ම තොරතුර මොරටුව පොලිසිය වෙත ලබා දී තිබුණේ පෙබරවාරි 19 වැනි දා පස්වරුවේ ධීවර බෝට්ටු හිමියෙක් වන මාකස් ප්‍රනාන්දු සහ ඔහුගේ සොහොයුරු නිමල් ප්‍රනාන්දු විසින්.

හනුව කැඩෙන සේ පහර දී, නියපොතු උගුළුවා දරුණු ලෙස වදයට ලක්කොට, හිසටත් ගෙලටත් වෙඩි තබා ඝාතනය කරන ලද රිචඩ් ගේ නිසල සිරුර හඳුනාගනු ලැබුවේ ඔහුගේ මව වූ මනෝරානි සරවනමුත්තු මහත්මිය සහ ඔහුගේ මිතුරෙකු වූ ධර්මරත්නම් පුවිරාජකීර්ති සිවරාම් මහතා විසිනි. ඒ රිචඩ්ගේ නිරුවත් නිසල සිරුර මොරටුව පොලිසිය මගින් කළුබෝවිල රෝහල වෙත යොමු කර තිබිය දී යි.

රිචඩ්ගේ වියෝවෙන් මාස කිහිපයකට පසු, එනම් 1990 මැයි මස 10 වැනි දා ජාතික රූපවාහිනීයේ සවස ප්‍රවෘත්ති විකාශය නරඹන මනෝරානි සරවනමුත්තු මහත්මිය සිය පුතු රිචඩ් පැහැරගෙන යාමට පැමිණි කණ්ඩායමේ සිටි එක් පොලිස් නිළධාරියෙකුගේ රුව හඳුනාගෙන තිබුණා. ඇය ඒ බව මහේස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ තැනැත්තා වූයේ එවකට පොලිස් පරීක්ෂකවරයෙක් වූ ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ නම් නිළධාරීයා යි. රෝහිණී පෙරේරා මහේස්ත්‍රාත්වරිය වහාම ඔහුව අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි එවකට ‍ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිව සිටි රන්ජන් විජේරත්න මහතා විසින් පොලිසියට නියෝග කර තිබිණ.

පසුව රිචඩ් ද සොයිසා පැහැර ගෙන ගොස් මරා දැමූ කණ්ඩායම ලෙස කො‍ටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ බෝදෙනිය ගම්ලත් ගෙදර දේවසුරේන්ද්‍ර හා මහවෙඩික්කාරගේ සරච්චන්ද්‍ර නම් සැරයන්වරයාත් නම් කරනු ලැබුවා. ඝාතන කණ්ඩායමට අණදුන් බව හෙළිවූයේ එවකට පොලිස්‌ අධිකාරිවරයෙකු වූ රොනී ගුණසිංහ යි.

රිචඩ් ද සොයිසා මරා දමන විට බොහෝ දෙනා ඔහු හදුනාගෙන සිටියේ රංගන ශිල්පියෙකු, මාධ්‍යවේදියෙකු, මානව හිමිකම් ක්‍රියාධරයෙකු සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසයි.

එහෙත් රිචඩ් ද සොයිසා ඒ වන විටත් තහනමට ලක්කර තිබූ ජනතා විමුක්ති පෙරමුණ හා සමීපව කටයුතු කළ දේශපාලන ක්‍රියාකාරිකයෙකු විය. ඔහු ඒ වෙනුවෙන් දැනුවත් අවබෝධයෙන් බොහෝ දේ කළ මිනිසෙකු විය. ඒ වන විටත් නැගෙනහිර යුරෝපයේ සමාජවාදී රාජ්‍ය පද්ධතීන් බිඳ වැටීම පිළිබඳව රිචඩ් සවිඥානික විය. ඔහු ඒ පිළිබඳව සිය දේශපාලන පක්ෂය වූ ජවිපෙ තුළ ගැඹුරින් සාකච්ඡා කළ අයෙක්. ඒ වනවිටත් මරා දමා තිබූ රෝහණ විජේවීර මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වෙනුවට පත් වූ තරුණ පක්ෂ නායකයින් සමඟ රිචඩ් දේශපාලන සබඳතා පවත්වනු ලැබීය. ඇතැම් ප්‍රධාන පෙලේ ජවිපෙ නායකයින් සහ ඔවුන්ගේ පවුලේ උදවිය ආරක්ෂා කිරීමට අවදානම නොතකා ඔහු පෞද්ගලිකවම මැදිහත් විය. රිචඩ් විසින් එවැනි ආරක්ෂාවක් ලබාදුන් ඇය අතර එක්කෙනෙකි පසු කලෙක ජවිපෙ නායකත්වයට පත් වූ සෝමවංශ අමරසිංහ මහතා. රිචඩ් විසින් සිය ජීවිත අවදානම නොතකා සෝමවංශ අමරසිංහ මහතා සහ ඔහුගේ බිරිඳට සහ පුතුට ආරක්ෂිත නිවාස සොයා දී තිබිණි.

පැහැරගත්, අත්අඩංගුවට ගත් සහ මරාදැමූ හෝ අතුරුදහන් කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් පිහිටුවා ගෙන තිබූ මානව හිමිකම් සුරකීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ (Students for Human Rights) ආරම්භකයෙක් මෙන්ම එහි සම්බන්ධීකාරකවරයාද වූ ගැමුණු යසස් සෙනවිරත්න (ගයාන්) සමඟ එක්ව කටයුතු කළ රිචඩ් ද සොයිසා එම තොරතුරු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත යොමුකරනු ලැබුවා.

රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් වද බන්ධනයට ලක්කර ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර හෙලිකොප්ටරයක් ආධාරයෙන් මුහුදට අතහැරිය බවට එවකට ඇතැම් තහවුරු නොකළ තොරතුරු අනාවරණය කළා.

රිචඩ් මරා දමන මොහොත වනවිට මෙරට ජනාධිපතිවරයා වූයේ රණසිංහ ප්‍රේමදාස යි. ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයාව සිටියේ රන්ජන් විජේරත්න යි.

රිචඩ්ගේ ඝාතනයෙන් වසරක් ගිය පසු 1991 මාර්තු මස 02 වෙනිදා ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයාව සිටි රන්ජන් විජේරත්න බෝම්බ පිපුරුමට ලක්ව කොළඹ, හැව්ලොක් ටවුමේ දී ඝාතනය විය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා  1993 මැයි 1 දා ආමර් වීදිය බෝම්බ ප්‍රහාරයෙන් ඝාතනයට  ලක්විය. ඔහුත් සමඟ ඒ ස්ථානයේ සිටි රිචඩ් ඝාතන කණ්ඩායම මෙහෙය වූ බවට චෝදනා එල්ල වූ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ ද ඝාතනයට ලක් වුවා.

පුරා වසර පහළොවක් අලුත්කඩේ මහාධිකරණයේ විභාග වෙමින් පැවති රිචඩ් ද සොයිසා ඝාතන නඩුව 2005 ඔක්තෝබර් 09 වැනිදා අවසන් වන්නේ සාක්ෂ්‍යකරුවන්ගේ සාක්ෂ්‍ය එකිනෙක පරස්පරය යන පදනම මත විත්තිකරුවන් සියල්ලන් ම නිදොස් කොට නිදහස් කිරීමෙනි.

රිචඩ් සමඟ එක්ව කටයුතු කළ ගැමුණු යසස් සෙනවිරත්න (ගයාන්) 1989 දෙසැම්බර් 10 වන දා රිචඩ් ඝාතනය කිරීමට පෙර පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබුවා.

රිචඩ් ගේ නිසල දේහය හඳුනාගත් ඔහුගේ මිතුරෙකු වූ ධර්මරත්නම් පුවිරාජකීර්ති සිවරාම් හෙවත් තාරකී 2005 අප්‍රේල් 28 වැනි දින බම්බලපිටිය පොලිසිය අසල දී වෑන් පැහැරගත් අතර වෙඩිතබා ඝාතනයට ලක්කළ ඔහුගේ මළ සිරුර ඊට පසු දින පාර්ලිමේන්තුව අසලින් හමුව තිබිණි.

නිල හා නොනිල ජීවිත තර්ජන තිබියදීත් රිචඩ්ගේ මෙන්ම තවත් බොහෝ දරුවන්ගේ පැහැර ගැනීම්වලට එරෙහිව කටයුතු කළ ඔහුගේ මව වූ වෛද්‍ය මනෝරානි සරවනමුත්තු 2001 වසරේ පෙබරවාරි 14 වෙනි දින අභාවප්‍රාප්ත වුවා.

  • උ. ගැ –
Post Views: 15
Previous Post

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට

Next Post

පාන් ගෙඩියේ මිල අඩු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පාන් ගෙඩියේ මිල අඩු වෙයි

පාන් ගෙඩියේ මිල අඩු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved