• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රිය අනතුරු අවම කිරීම සදහා අන්තර්පළාත් බස්රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක් ළගදීම

15 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් මාර්ග විනය සම්බන්ධව රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා (10) පැවති මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා රිය අනතුරු නිසා ජීවිත 1948ක් අහිමිව ඇති බවත් පසුගිය වසර 10 ක කාලය තුළ 27000ක් පමණ ජීවිත අහිමිවී ඇති බවත් පැවසූ අමාත්‍ය සරත් වීරසේකර මහතා මාර්ග විනය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතනවල මූලිකත්වයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසීය.

දඩගෙවීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා මගහරවා ගැනීමට ක්ෂණික දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් හා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමයක් නුදුරේදීම හදුන්වා දෙන බවත් ඒ සදහා මේවන විටත් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා පැවසීය.

මාර්ග අනතුරු වැඩිවීම සදහා වන රියදුරන්ගේ විනයක් නොමැති වීම ප්‍රධාන හේතුවක් බව හදුනාගෙන ඇති බැවින් එම තත්ත්වය මඟහරවාලීම සදහා වන වැඩපිළිවෙලක අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේදී මතුකළ අවස්ථාවේ අමාත්‍යවරයා මේබව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ මාර්ග විනය සම්බන්ධව රියදුරන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් සැලසුම්කර ඇති බවත් පවතින කොවිඩ් තත්ත්වය හමුවේ එය ප්‍රමාද වූ බවත්ය.

මේ අනුව එහි පළමු පියවර ලෙස අන්තර් පළාත් බස් රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ආරම්භකරන බව ද අමුණුගම මහතා පැවසීය. අන්තර් පළාත් බස් රථ රියදුරන් 17000 ක් පමණ මේ වන විට සේවය කරන බවත්, බහුලව සිදුවන බස්රථ අනතුරු සදහා ඔවුන්ගේ විනය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

වෘත්තිය සමිති ව්‍යාපාර හෝ උද්ඝෝෂණවලින් තොරව ඉතා අසීරු තත්ත්ව යටතේ රාජකාරී සිදු කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්හට නිසි දීමනා සහ වැටුප් ලබා දීමේ අවශ්‍යතාවයද මන්ත්‍රීවරු කමිටුවේ අවධානයට යොමු කළහ. පසුගිය කොවිඩ් තත්ත්වය තුළ පොලිසියේ සාමාජිකයන් 15700ක් ආසාධිතයන් වූ බවත් 44 දෙනෙකු මිය ගිය බවත් පැවසූ අමාත්‍යවරයා විවිධ දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරන පොලිස් නිලධාරීන්ගේ වැටුප් හා දීීමනා වැඩිකිරීම සදහා මන්ත්‍රීවරු කරුණු මතු කිරීම පිළිබදව සිය ස්තූතිය පළ කළේය.

වර්තමානයේ මාධ්‍ය තුළින් අපරාධ වාර්තාකරණයේදී පොලිසිය වඩා වගකීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. අධිකරණ කටයුතුවලට බාධා වන ලෙස පොලිසිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැටලු සහගත බැවින් ඒ සදහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පොලිස්පතිවරයාට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් වන අකිල එල්ලාවල, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ද ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, චන්දිම වීරක්කොඩි, අජිත් රාජපක්ෂ, මධුර විතානගේ, ගුණතිලක රාජපක්ෂ, මුදිතා ද සොයිසා, මංජුලා දිසානායක, උදයන සී කිරිදිගොඩ, ඩයනා ගමගේ, සුදත් මංජුල,අනුප පැස්කුවල්, මේජර් සුදර්ශන දෙනිපිටිය ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක්ද පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 12
Previous Post

රාජ්‍ය ආයතන 2024 ක් ජාතික විගණන කාර්‍යාලයේ විගණනයට

Next Post

ශ්‍රී ලංකාවට ආවේනික, දුර්ලභ නෙළු ශාක විශේෂයක් වලල්ලාවිටදී සොයාගනියි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවට ආවේනික, දුර්ලභ නෙළු ශාක විශේෂයක් වලල්ලාවිටදී සොයාගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved