රුපියල් මිලියන එක්ලක්ෂ හැට අට දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් 2025 ජනවාරි 01 දා පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 43,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 60,000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව සඳහන් කරයි.
වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම ජනවාරි 01 දා දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් මහ බැංකුව නිවේදනය කරයි.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම ජනවාරි 03 දා සිදුකිරීමට නියමිතය .