රුපියල් පනස් දෙලක්ෂ විසි දහසක් (රු. 5,220,000) වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතික ව්‍යාපාරිකයන් පස් දෙනෙකු අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම 1.10 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ MU-713 දරන ගුවන් යානයෙන් මොවුන් කටුනායකට පැමිණ ඇත. ඔවුන් පරීක්ෂා කිරීමේදී ගමන් මලු තුළ සඟවා තිබූ දුම්වැටි 34,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 174 ක් සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.













