ශ්‍රී ලංකාවේ අදවන විට කාන්තාවන් සඳහා වෙන් වු රැ රැජිණ තරඟවල් බොහෝ දකින්නට ලැබුණත් ශ්‍රී ලංකාවේ අංක එකේ පැජන්ට් කිංග් ලෙස විරුධාවලිය ලබා සිටින වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය විසින් සංවිධානය කළ Mrs Ocean Word Sri Lanka තරඟාවලිය පසුගිය 23 වනදා ඉතා උත්කර්ශවත් අන්දමින් නිමා විය.
එදින ගලදාරි හෝටලයේදී Mrs Ocean Word Sri Lanka තරඟාවලිය පැවැත්වු අතර එහි ජයග්‍රාහිකාව වූ කෞෂල්‍යා මදුෂානී හට ලක්ෂ 15 ක මුදලක් සහ සිංගප්පූරු, යුරෝපා සංචාරයක්ද සමඟින් තවත් බොහෝ ත්‍යාගද හිමිවුණා. මූලික වටය සඳහා ලැබී තිබූ කූපන් 800 ක් අතුරින් තෝරා ගත් තරඟකාරියන් 20 දෙනෙක් එම වේදිකාව මත තම හැකියාවන් ඉදිරිපත් කළේය.