ලොව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස් සහ රුසියානු කාන්තාවන් අතර පැවති සමීප සබඳතා හේතුවෙන් ඔහු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකින් (STD) පෙළුණු බවට සඳහන් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අලුතින් ප්‍රසිද්ධියට පත් වූ “එප්ස්ටයින් ලේඛන” (Epstein\ Files) හරහා අනාවරණය වී තිබේ.
පිටු මිලියන 3කට අධික මෙම ලේඛන ගොනුවට වීඩියෝ 2,000ක් සහ ඡායාරූප ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඇතුළත් වන අතර, එහි බිල් ගේට්ස් සහ අතිමහත් ධනවතෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් අතර පැවති සමීප ගනුදෙනු පිළිබඳව දීර්ඝව සඳහන් වේ.
2013 වසරේ ජූලි මාසයේ යැවූ ඊමේල් පණිවිඩවලට අනුව, බිල් ගේට්ස් රුසියානු කාන්තාවන් සමඟ පැවැත්වූ සබඳතා නිසා ඇති වූ ලිංගික රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට එප්ස්ටයින්ගේ සහය පතා ඇති බවත්, එම තොරතුරු සිය බිරිඳ වූ මෙලින්ඩා ගේට්ස්ගෙන් වසන් කිරීමට දැඩි උත්සාහයක නිරත වූ බවත් හෙළි වේ.
අදාළ ඊමේල් පණිවිඩ මකා දමන ලෙස බිල් ගේට්ස් එප්ස්ටයින්ගෙන් අයැද සිටි බවද එම ලේඛනවල සඳහන්ය. කෙසේ වෙතත්, බිල් ගේට්ස්ගේ ප්‍රකාශකයෙකු මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙය එප්ස්ටයින් විසින් ගේට්ස්ගෙන් පළිගැනීම සඳහා ගෙතූ අසත්‍ය ප්‍රචාරයක් බව පවසා තිබේ.














