යුක්රේනයේ නැගෙනහිර ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් (Dnipropetrovsk) කලාපයේ පිහිටි නිකොපොල් (Nikopol) නගරයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයකට අද (අප්‍රේල් 07) එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීහු පවසති. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ උදෑසන කාර්යබහුල වේලාවේදී ජනතාව රැකියා සඳහා ගමන් කරමින් සිටියදීය.
යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඊහෝර් ක්ලිමෙන්කෝ (Ihor Klymenko) ටෙලිග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, පොදු ප්‍රවාහන සේවා ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය ඉතා දරුණු එකක් බවයි. යුක්රේන-රුසියානු යුද්ධය තවදුරටත් දරුණු වෙමින් පවතින පසුබිමක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රහාර එල්ල වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














