ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවන් එස්. ජගර්යාන් (Levan S. Dzhagaryan) මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවිය. මෙම හමුවේදී දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකාවට මෙන්ම රුසියාවට බලපාන පොදු කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය, වෙළෙඳ ගනුදෙනු සහ තාක්ෂණික ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කර ගැනීම කෙරෙහි මෙහිදී දෙපාර්ශවයේම විශේෂ අවධානය යොමුව තිබේ. රුසියානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ජර්මන් ෆෙඩෝරෝව් (German FEDOROV) සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ද මෙම නිල හමුවට එක්ව සිටියහ.














