රුසියානු හමුදා බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ව්ලැඩිමීර් ඇලෙක්සෙයෙව් ඝාතනය කිරීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය පෙබරවාරි 6 වැනිදා මොස්කව් නුවර පිහිටි ජෙනරාල්වරයාගේ නිවාස සංකීර්ණයේදී මෙම වෙඩි තැබීම සිදු කර තිබූ අතර, සැකකරු ප්‍රහාරයෙන් පසු රුසියාවෙන් පළා ගොස් තිබුණි.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ලුතිනන් ජෙනරාල් ව්ලැඩිමීර් ඇලෙක්සෙයෙව් වහාම රෝහල් ගත කෙරුණු අතර, සාර්ථක සැත්කමකින් පසු ඔහු මේ වන විට සුවය ලබමින් පසුවේ. රුසියානු බුද්ධි අංශයේ දෙවන ප්‍රධානියා වන ඔහු, වත්මන් යුක්‍රේන-රුසියා යුද්ධයේදී රුසියානු බුද්ධි මෙහෙයුම් සැලසුම් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතම නිලධාරියෙකු ලෙස සැලකේ.
ඩුබායි බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු යළි රුසියාවට පිටුවහල් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මොස්කව් ආරංචි මාර්ග පවසයි.













