රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ එම සරසවියේ පසුගියදා ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබේ.
එම විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ සභාපති කැළුම් ගමගේ සඳහන් කළේ අද (25) පෙරවරු 7.00 සිට සුපුරුදු පරිදි රාජකාරි සඳහා වාර්තා කරන ලෙස තම සංගමයේ නියෝජිතයන්ට දැනුම්දී ඇති බවය.