රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. මොහු මැලේසියාවේ සිට සිංගප්පූරුව හරහා අද අලුයම 12.45ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-468 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.
ගුවන් තොටුපොළෙන් පිටව යාමට උත්සාහ කිරීමේදී සැකකටයුතු ලෙස පෙනී ගිය මොහුගේ අත් බෑගය පරීක්ෂා කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන්ට, එහි ඇසුරුම් 3ක සඟවා තිබූ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 24ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයා ගැනීමට හැකි විය.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ මහා පරිමාණ ජාලයක් පවතින්නේද යන්න පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.














